පකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණ තිබෙනවා. 2025 – 2029 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කොටසක් ලෙස ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන එක් දින තරග තුනකින් සමන්විත තරගාවලියක් සදහා සහභාගී වීමට එම ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණි පැමිණි බවයි කටුනායක ගුවන් තොටුපොල නෙත් නිවුස්…
පකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණ තිබෙනවා. 2025 – 2029 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කොටසක් ලෙස ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන එක් දින තරග තුනකින් සමන්විත තරගාවලියක් සදහා සහභාගී වීමට එම ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණි පැමිණි බවයි කටුනායක ගුවන් තොටුපොල නෙත් නිවුස් නියෝජිතයා පැවසුවේ. දෙරට අතර එම එක්දින තරග තුන ලබන 23, 25 සහ 28 යන දිනයන්හිදී පැවැත්වීමට නියමිතයි. ඒ, හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීයි. මීට අමතරව පකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම , ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියකට ද සහභාගිවීමට නියමිතයි. එම තරග පැවැත්වෙන්නේ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි. පළමු තරගය පැවැත්වෙන්නේ ලබන 31 වනදායි.

