2025 වසරට අදාළ සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා. අයදුම්කරුවන්ට තමන්ගේ විභාග අංකය නිවැරදිව ඇතුළත් කර විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් ප්‍රතිඵල ලබාගත හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ. විභාගය සඳහා මුළු අයදුම්කරුවන් දෙලක්‍ෂ 235 දෙනෙකු ලියාපදිංච…

2025 වසරට අදාළ සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා. අයදුම්කරුවන්ට තමන්ගේ විභාග අංකය නිවැරදිව ඇතුළත් කර විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් ප්‍රතිඵල ලබාගත හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ. විභාගය සඳහා මුළු අයදුම්කරුවන් දෙලක්‍ෂ 235 දෙනෙකු ලියාපදිංචි වී සිටි අතර, ඒ අතරින් පාසල් අයදුම්කරුවන් සංඛ්‍යාව එක් ලක්‍ෂ 99,598 ක් වනවා. දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 1,669 කදී සහ සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 325 ක අධීක්ෂණය යටතේ පැවැත්වුණු මෙම විභාගය සඳහා මෙවර සිසුන් එක් ලක්‍ෂ 47,407 දෙනෙකු පෙනී සිටි බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ.