කුණ්ඩසාලේ, නත්තරම්පොත ප්‍රදේශයේ පිහිටි සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසේ තිබී ජීව අත්බෝම්බ තුනක් සහ තියුණු ආයුධයක් සොයාගෙන තිබෙනවා. ඒ, මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ කණ්ඩායමක් සිදුකළ පරික්‍ෂාවකදීයි. ඒ අනුව එම පොලිස් සහකාර අධිකාරිවරයාගේ නිවසේ අල්මාරියක තිබී එම ජීව අත්බෝම්බ ස…

කුණ්ඩසාලේ, නත්තරම්පොත ප්‍රදේශයේ පිහිටි සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසේ තිබී ජීව අත්බෝම්බ තුනක් සහ තියුණු ආයුධයක් සොයාගෙන තිබෙනවා. ඒ, මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ කණ්ඩායමක් සිදුකළ පරික්‍ෂාවකදීයි. ඒ අනුව එම පොලිස් සහකාර අධිකාරිවරයාගේ නිවසේ අල්මාරියක තිබී එම ජීව අත්බෝම්බ සහ තියුණු ආයුධය සොයාගත් බවයි පොලීසිය පැවසුවේ. අදාළ සහකාර පොලිස් අධිකාරිවරයා මේ වනවිට කන්කසන්තුරේ ප්‍රදේශයට අනියුක්තව රාජකාරී කරන බව නෙත් නිවුස් නියෝජිතයා පැවසුවා. ඔහුගේ බිරිද විසින් පොලීසියට සිදුකරන ලද පැමිණිල්ලකට අනුවයි අදාළ ජීව අත්බෝම්බ සහ තියුණු ආයුධය සොයාගෙන ඇත්තේ. සිද්ධිය සම්බන්ධයෙන් එම සහකාර පොලිස් අධිකාරියා මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ. මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.