සංචාරයක් සදහා මෙරටට පැමිණ සිටින ඉරාන ජාතික කාත්නාවකට ලිංගික අතවර කිරීමට උත්සාහ කළ බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සදහා පොලීසිය විමර්ශණයක් ආරම්භ කර තිබෙනවා. තලවිල – කැලෑ පල්ලිය මාර්ගයේදී එම විදෙස් කාන්තාව තනිවම මහමග ගමන් කරන විටදී ඊයේ පස්වරුවේ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙක…
සංචාරයක් සදහා මෙරටට පැමිණ සිටින ඉරාන ජාතික කාත්නාවකට ලිංගික අතවර කිරීමට උත්සාහ කළ බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සදහා පොලීසිය විමර්ශණයක් ආරම්භ කර තිබෙනවා. තලවිල – කැලෑ පල්ලිය මාර්ගයේදී එම විදෙස් කාන්තාව තනිවම මහමග ගමන් කරන විටදී ඊයේ පස්වරුවේ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු අතවර කිරීමට උත්සාහ කළ බවට ඇය පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවයි කල්පිටිය පොලීසිය පැවසුවේ. සිද්ධියට සම්බන්ධ සැකකරු කවුරුන්ද යන්න මෙතෙක් හදුනා ගෙන නැහැ. ඒ, අනුව සැකකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇති බව පොලීසිය පැවසුවා.

