ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට අද කැඳවනපක්‍ෂව විපක්‍ෂව පෙත්සම් 50ක් ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කරමින් සහ ඊට අදාළව ගොනු කර තිබෙන පෙත්සම් සලකා බැලීම සඳහා අද (01දා) කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය…
ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට අද කැඳවනපක්‍ෂව විපක්‍ෂව පෙත්සම් 50ක්
ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කරමින් සහ ඊට අදාළව ගොනු කර තිබෙන පෙත්සම් සලකා බැලීම සඳහා අද (01දා) කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (31දා) නියම කළේය. මෙම පෙත්සම් සලකා බැලීම සඳහා අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් පත් කර ඇත. ඒ අනුව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාට අමතරව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන අචල වෙංගප්පුලි, අර්ජුන ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග යන මහත්වරුන් මෙම විනිසුරු මඬුල්ලේ සෙසු සාමාජිකයන් ලෙස කටයුතු කරනු ඇත.
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කිරීමට ලබා දී තිබූ කාලය ඊයේ අවසන් වූ අතර ඒ වන විට ඊට අදාළව පෙත්සම් 50 ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබේ.
විපක්ෂ දේශපාලන පක්ෂ, නීතිඥ සංවිධාන, සිවිල් සමාජ ක්‍රියාකාරීන් සහ තවත් පාර්ශ්ව කිහිපයක් මෙම සංශෝධනය අභියෝගයට ලක්කරමින් පෙත්සම් ඉදිරිපත් කර ඇත.
යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රධානතම කරුණක් වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීමය. දැනට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකුගේ විශ්‍රාම වයස අවුරුදු 65ක් වන අතර එය 67 දක්වා වැඩි කිරීමට යෝජනා කර තිබේ.
අභියාචනාධිකරණ විනිසුරුවරයකුගේ දැනට පවතින අවුරුදු 63ක විශ්‍රාම වයස 65 දක්වා වැඩි කිරීමට ද පනත් කෙටුම්පතෙන් යෝජනා කර ඇත.
එමෙන්ම අගවිනිසුරුවරයා සම්බන්ධයෙන් විශේෂ විධිවිධානයක්ද පනත් කෙටුම්පතට ඇතුළත් කර තිබේ. ඒ අනුව අගවිනිසුරුවරයා වයස අවුරුදු 67 සම්පූර්ණ කරන දිනය හෝ අගවිනිසුරු ධුරයට පත් කළ දිනයේ සිට වසර හයක් සම්පූර්ණ වන දිනය යන දෙකෙන් පළමුව එළඹෙන දිනයේදී විශ්‍රාම යා යුතුය.
22 වැනි සංශෝධන පනත් කෙටුම්පතේ තවත් වැදගත් යෝජනාවක් වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 137 වැනි ව්‍යවස්ථාව සංශෝධනය කරමින් අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව වැඩි කිරීමයි.
දැනට අභියාචනාධිකරණ සභාපතිවරයාට අමතරව උපරිම වශයෙන් විනිසුරුවරුන් 19 දෙනකු පත් කළ හැකි අතර නව යෝජනාව අනුව එම සංඛ්‍යාව 24 දක්වා වැඩි කිරීමට නියමිතය. ඒ අනුව අභියාචනාධිකරණයේ සම්පූර්ණ විනිසුරු සංඛ්‍යාව 25 දක්වා ඉහළ යනු ඇත.
සංශෝධනයට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පෙත්සම්වල ප්‍රධාන තර්කයක් බවට පත්ව ඇත්තේ විනිසුරුවරුන්ගේ ධුර කාලය සහ විශ්‍රාම වයස වෙනස් කිරීම අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑමක් සිදුකරන්නේ ද යන්නයි.
ප්‍රතිපත්ති විකල්ප කේන්ද්‍රය (ක්‍ඡ්) සහ එහි විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු මහතා විසින් ඉදිරිපත් කර ඇති පෙත්සමකින් ද පනත් කෙටුම්පතේ දෙවැනි වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වැනි ව්‍යවස්ථාවට නොගැළපෙන බවට තීරණය කරන ලෙස ඉල්ලා තිබේ.
අධිකරණයේ ස්වාධීනත්වය ජනතා පරමාධිපත්‍යය හා සම්බන්ධ මූලික ව්‍යවස්ථාමය මූලධර්මයක් බව පෙන්වා දෙමින් අදාළ සංශෝධනය ක්‍රියාත්මක කිරීමට ජනමත විචාරණයක අනුමැතිය අවශ්‍ය බවට තීරණය කරන ලෙස එම පෙත්සම් ඉල්ලා ඇත.
ඒ අනුව අද ආරම්භ වන පෙත්සම් සලකා බැලීමේදී, පනත් කෙටුම්පතේ අඩංගු යෝජනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලද, ඒවා සම්මත කිරීමට පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයක් පමණක් ප්‍රමාණවත්ද, එසේ නොමැතිනම් ජනමත විචාරණයකින් ජනතා අනුමැතියද ලබාගත යුතුද යන්න පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය සලකා බැලීමට නියමිතය.
විශේෂයෙන්ම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීම, දැනට ධුරයේ සිටින විනිසුරුවරුන්ට එම සංශෝධනය බලපාන ආකාරය සහ එයින් අධිකරණයේ ස්වාධීනත්වයට හෝ විනිසුරුවරුන්ගේ ධුර සුරක්ෂිතභාවයට බලපෑමක් ඇතිවන්නේද යන කරුණු පෙත්සම් විභාගයේදී දැඩි අවධානයට ලක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම් විභාගය අවසන් කිරීමෙන් පසු ලබාදෙන තීරණය කථානායකවරයා වෙත දැනුම්දීමට නියමිත අතර, ඒ අනුව 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරියට ගෙන යා හැකි ආකාරය පිළිබඳ තීරණාත්මක ව්‍යවස්ථාමය මාර්ගය පැහැදිලි වනු ඇත.ඒ. ජේ. ඒ. අබේනායක

