රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබෙන පෙත්සම් සලකා බැලීම සඳහා හෙට (31) දින කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කර තිබෙනවා. මෙම පෙත්සම් විභාග කිරීම සඳහා අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහ…
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබෙන පෙත්සම් සලකා බැලීම සඳහා හෙට (31) දින කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කර තිබෙනවා.
මෙම පෙත්සම් විභාග කිරීම සඳහා අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතා විසින් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ද නම් කර තිබෙනවා.
එම විනිසුරු මඩුල්ලේ සභාපතිවරයා ලෙස අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතා කටයුතු කරයි.
එම විනිසුරු මඩුල්ලේ සෙසු සාමාජිකයින් වශයෙන් අචල වෙංගප්පුලි, අර්ජුන ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග යන විනිසුරුවරු ඇතුළත් වෙනවා.
මෙම විනිසුරු මඩුල්ල ඉදිරියේ අදාළ පෙත්සම් හෙට දින සලකා බැලීමට නියමිතව තිබෙනවා.
About this report
This page covers 22 වන සංශෝධනයට එරෙහි පෙත්සම සලකා බැලීමට දින දෙයි and is filed in the News section of KottuRoti. It was first recorded on 31 August 2026. The report currently draws on one source article. KottuRotipreserves the original reporting language and identifies the outlet behind each account so readers can distinguish source material from the aggregated story.
Follow the source links below to inspect the publisher's original wording, context and later corrections. This page may be refreshed when the underlying story develops or another outlet publishes relevant coverage; its publication and update times help readers identify those changes. For broader context, browse the latest news in this language, the breaking news feed, or the chronological Sri Lanka news archive.
The lead report on this page comes from Nethnews (Sinhala) and is presented in Sinhala. KottuRoti classifies it under News and keeps the source attribution visible rather than presenting aggregated material as independent eyewitness reporting. When more coverage becomes available, the source list and story record can expand while this canonical page remains stable for readers and search engines.