රුසියාවේ විශාලතම අන්තර්ජාල වෙළඳ සමාගම වන ‘විල්ඩ්බෙරීස්’ (Wildberries) ආයතනයට අයත් ගබඩා සංකීර්ණ දෙකකට යුක්‍රේනය එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරවලින් පුද්ගලයන් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ප්‍රහාරවලින් තවත් පුද්ගලයන් 62 දෙනෙකු තුවාල ලබා ඇති බවයි රුසියානු බලධාරීන් තහවුරු කරන්නේ. මොස්කව…
රුසියාවේ විශාලතම අන්තර්ජාල වෙළඳ සමාගම වන ‘විල්ඩ්බෙරීස්’ (Wildberries) ආයතනයට අයත් ගබඩා සංකීර්ණ දෙකකට යුක්‍රේනය එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරවලින් පුද්ගලයන් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ප්‍රහාරවලින් තවත් පුද්ගලයන් 62 දෙනෙකු තුවාල ලබා ඇති බවයි රුසියානු බලධාරීන් තහවුරු කරන්නේ. මොස්කව් අගනුවරට ගිනිකොන දෙසින් පිහිටි තම්බොව් (Tambov) නගරයේ පිහිටි ගබඩාවට එල්ල වූ ප්‍රහාරයෙන් සේවකයන් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 25 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. එමෙන්ම මොස්කව් කලාපයේ එලෙක්ට්‍රොස්ටල් (Elektrostal) හි පිහිටි අනෙක් ගබඩාවෙන් එක් මරණයක් සහ තුවාල ලැබූවන් 37 දෙනෙකු වාර්තා වන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. මෙම ප්‍රහාර සම්බන්ධයෙන් අදහස් දක්වමින් යුක්‍රේන ජනාධිපති ව්ලැඩිමියර් සෙලෙන්ස්කි ප්‍රකාශ කළේ, රුසියාව විසින් ඩ්‍රෝන නිෂ්පාදනය සහ නාවික උපකරණ සැපයීම සඳහා භාවිත කළ ප්‍රධාන සැපයුම් මධ්‍යස්ථාන ඉලක්ක කර මෙම ප්‍රහාර එල්ල කළ බවයි. යුක්‍රේන සිවිල් ජනාවාස සහ යටිතල පහසුකම්වලට රුසියාව එල්ල කරන ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් තමන් මෙම පියවර ගත් බවද ඔහු පවසනවා. මේ අතර, යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් රුසියාවේ තෙල් පිරිපහදු මධ්‍යස්ථාන රැසකට දැඩි හානි සිදුව ඇති අතර, මේ වන විට රුසියාවේ සමස්ත තෙල් පිරිපහදු ධාරිතාවයෙන් සියයට 43කට ආසන්න ප්‍රමාණයක් අක්‍රිය වී ඇති බවයි යුක්‍රේනය පවසන්නේ. රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින් ද මීට පෙර සිය රට තුළ පවතින ඉන්ධන හිඟය පිළිබඳව පිළිගෙන තිබුණා.

