දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ඉකුත් වර්ෂයේ (2025) හිඟ බදු මුදල් වශයෙන් රුපියල් බිලියන 2,164ක් අයවීමට තිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ඉකුත් වර්ෂයට අදාළව (2025) එකතු කළ යුතුව තිබූ රුපියල් බිලියන 2,164ක මෙකී හ`ිග ආදායම් එකතු නොකර හිඟව පැවැති බව…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ඉකුත් වර්ෂයේ (2025) හිඟ බදු මුදල් වශයෙන් රුපියල් බිලියන 2,164ක් අයවීමට තිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ඉකුත් වර්ෂයට අදාළව (2025) එකතු කළ යුතුව තිබූ රුපියල් බිලියන 2,164ක මෙකී හ`ිග ආදායම් එකතු නොකර හිඟව පැවැති බව ද විගණනය මගින් අනාවරණය කර ඇත. එම ආදායම 2025 වර්ෂයේ දී අයකර ගැනීමට සමත්වූයේ නම් එම වර්ෂයේ අයවැය හිඟය සම්පූර්ණයෙන් ම අඩු කර ගැනීමට හැකිව තිබූ බව ද විගණන වාර්තාවේ සඳහන් වෙයි.

ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතියේ අඩුපාඩු, හිඟ බදු අභියාචනා ක්‍රියාවලියේ දීර්ඝකාලීන භාවය, හිඟබදු අයකර ගැනීම සම්බන්ධයෙන් අධිකරණ කටයුතු ක්‍රියාත්මක කිරීමට විශේෂිත වූ අධිකරණ පද්ධතියක් ස්ථාපිත වී නොතිබීම යන හේතු දේශීය ආදායම් f දපාර්තමේන්තුවේ හ`ිග බදු අයකර ගැනීමේ ප්‍රමාදයට බලපා තිබූ බව ද විගණන වාර්තාවේ සඳහන් වෙයි.

මුදල් ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් 2025 වර්ෂයට අදාළව නිකුත් කර ඇති වාර්ෂික වාර්තාවට ඇතුළත් කර ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත.

ලලිත් චාමින්ද