බන්ධනාගාර රැඳවියන්ට ජනාධිපති පොදු සමාව දීම සඳහා ක්‍රමානුකූල, සාධාරණ සහ විනිවිදභාවයෙන් යුත් ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා වූ නිර්දේශ සහිත වාර්තාව අධිකරණ අමාත්‍යාංශයේදී භාර දී තිබෙනවා. ​විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා මහතා විසින් මෙම වාර්තාව අධිකරණ සහ ජාතික ඒකාබද…

බන්ධනාගාර රැඳවියන්ට ජනාධිපති පොදු සමාව දීම සඳහා ක්‍රමානුකූල, සාධාරණ සහ විනිවිදභාවයෙන් යුත් ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා වූ නිර්දේශ සහිත වාර්තාව අධිකරණ අමාත්‍යාංශයේදී භාර දී තිබෙනවා. ​විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා මහතා විසින් මෙම වාර්තාව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම් ජනාධිපති නීතිඥ අයෙෂා ජිනසේන මෙනවිය වෙත ඊයේ භාරදෙනු ලැබුවා. ​වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, නීති ආඥා පනත්, නඩු තීන්දු මෙන්ම බන්ධනාගාර පරිපාලනයේ පවතින අඩුපාඩු අධ්‍යයනය කරමින් මෙම නිර්දේශ සකස් කර තිබෙනවා. කැබිනට් මණ්ඩලය විසින් ඒසඳහා වන විශේෂ කමිටුව පත්කරනු ලැබූවේ 2025 වසරේ ජුනි මස 25 වනදායි. ​බන්ධනාගාරවල පවතින අධික තදබදය අවම කිරීම සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුගත වන පරිදි රැඳවියන් පුනරුත්ථාපනය කිරීම රජයේ මෙම ප්‍රතිසංස්කරණවල මූලික අරමුණයි. මෙම නිර්දේශ ඉදිරියේදී අධිකරණ අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ඇති.