ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අතිශය තීරණාත්මක සහ උද්වේගකර තරගයකින් පසු, ආසියානු ඉහළම බලාපොරොත්තුවක් වූ ජපානය පරදා තියුණු ජයක් ලබා ගැනීමට බ්‍රසීලය සමත් වුණා. ඒ, තරගයේ අතිරේක කාලයේදී, එනම් 95 වැනි මිනිත්තුවේදී ගේබි්‍රයෙල් මාර්ටිනෙල්ලි ලබාගත් සුපිරි ගෝලයත් සමඟයි. තරගයේ අවසන් ප්‍රතිඵ…
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අතිශය තීරණාත්මක සහ උද්වේගකර තරගයකින් පසු, ආසියානු ඉහළම බලාපොරොත්තුවක් වූ ජපානය පරදා තියුණු ජයක් ලබා ගැනීමට බ්‍රසීලය සමත් වුණා. ඒ, තරගයේ අතිරේක කාලයේදී, එනම් 95 වැනි මිනිත්තුවේදී ගේබි්‍රයෙල් මාර්ටිනෙල්ලි ලබාගත් සුපිරි ගෝලයත් සමඟයි. තරගයේ අවසන් ප්‍රතිඵලය ගෝලත් දෙකට එකක්. මෙම ජයග්‍රහණයත් සමඟ බ්‍රසීලය තරගාවලියේ අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තා. ඒ අනුව අවසන් 16 දෙනාගේ වටයේදී ඔවුන් නෝර්වේ හෝ අයිවරි කෝස්ට් රාජ්‍යය සමඟ තරග වැදීමට නියමිතයි. මේ අතර ඊයේ පැවති තරගයේදී පළමු අර්ධය පුරා ජපාන ක්‍රීඩකයින්ගෙන් බ්‍රසීලයට දැඩි පීඩනයක් එල්ල වුණා. තරඟයේ පළමු ගෝලයද ලබා ගත්තේ ජපානයයි. බ්‍රසීල පසුපෙළ ක්‍රීඩක ඩැනිලෝ අතින් සිදු වූ වැරැද්දකින් ප්‍රයෝජනයට ගත් ජපානයේ කයිෂු සානෝ දක්ෂ ලෙස පන්දුව දැල වෙත යොමු කරමින් එම ගෝලය ලබා ගත්තා. කෙසේ වෙතත්, දෙවන අර්ධයේදී සම්පූර්ණයෙන්ම වෙනස් උපක්‍රමශීලී ක්‍රීඩා විලාශයක් අනුගමනය කළ බ්‍රසීලය, ජපාන පීඩනය ජයගත් අතර දෙවන අර්ධය ආරම්භ වී විනාඩි 10ක් ගත වෙද්දී ගෝලයක් ලබා ගත්තා. හිසෙන් එල්ල කළ පහරකින් මෙම ගෝලය ලබා ගත්තේ කැසමිරෝ විසින්. පසුව තරගය අවසන් වීමට තත්පර කිහිපයක් තිබියදී ජපාන පසුපෙළ ක්‍රීඩකයෙකු අතින් සිදු වූ අතපසුවීමකින් පන්දුව උදුරාගත් බ්‍රසීලයේ බෲනෝ ගුයිමාරේස් එය වහාම ගේබි්‍රයල් මාර්ටිනෙල්ලි වෙත යොමු කළා. මාර්ටිනෙල්ලි කිසිදු වැරදීමකින් තොරව එය ගෝලයක් බවට පරිවර්තනය කරමින් බ්‍රසීලයට මෙවර ලෝක කුසලානයේ අමතක නොවන ජයග්‍රහණයක් හිමි කර දුන්නා. ඒ අනුව විශිෂ්ට සටනක නිරත වුවද, අවසන් මොහොතේ සිදුවූ මෙම අත්වැරැද්ද හේතුවෙන් ජපානයට මෙවර ලෝක කුසලාන තරගාවලියේ 32 දෙනාගේ වටයෙන්ම ඉවත් වීමට සිදු වුණා. මේ අතර දකුණු අප්‍රිකාව තරඟාවලියෙන් ඉවතට ඇද දමමින් අවසන් 16 දෙනාගේ වටයේ ස්ථානයක් වෙන්කර ගැනීමට කැනඩාව ද සමත් වුණා. ඒ, ඊයේ පැවති අවසන් 32 වටේ තවත්තරගයක් ගෝල 1-0 ක් ලෙස ජය ගනිමින්. තරගයේ අතිරේක කාලයේ දෙවන මිනිත්තුවේදී ස්ටීවන් යුස්ටාකියෝ කැනඩාව වෙනුවෙන් ජයග්‍රාහී ගෝලය ලබා ගත්තා. කැනඩාව පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව මෙයයි. කණ්ඩායමේ සියලු ක්‍රීඩකයන් මෙතැන් සිට කැනඩාවේ වීරයන් බවත් රටේ පාපන්දු ක්‍රීඩාවේ අනාගතය ඔවුන් නිසා බෙහෙවින් දීප්තිමත් වන බවත් ජයග්‍රහණයෙන් පසු සිය ක්‍රීඩකයින් අමතමින් කැනේඩියානු පුහුණුකරු ජෙසී මාර්ෂ් ප්‍රකාශ කළා. දැන් ඔවුන් අවසන් 16 වටයේදී ලබන සෙනසුරාදා නෙදර්ලන්තය හෝ මොරොක්කෝව සමඟ තරග වැදීමට නියමිතයි.

