මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය චාරිත්‍රානුකූලව අවසන් කිරීමේ සිරිත් විරිත් පූජා සපිරි දිය කැපීමේ චාරිත්‍රය අද (28දා) අලුයම ගැටඹේ දියකපනා තොට මහවැලි ගං තීරයේදී සිදු කෙරේ. අද අලුයම 1.00 පසුවී විනාඩි 28ට උතුරු දිශාවභිමුකව ශ්‍රී දන්ත ධාතු මන්දිරයෙහි පෙරහැර සිව් දේවාලයන්හි පෙරහැරත් සමග පි…
මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය චාරිත්‍රානුකූලව අවසන් කිරීමේ සිරිත් විරිත් පූජා සපිරි දිය කැපීමේ චාරිත්‍රය අද (28දා) අලුයම ගැටඹේ දියකපනා තොට මහවැලි ගං තීරයේදී සිදු කෙරේ.
අද අලුයම 1.00 පසුවී විනාඩි 28ට උතුරු දිශාවභිමුකව ශ්‍රී දන්ත ධාතු මන්දිරයෙහි පෙරහැර සිව් දේවාලයන්හි පෙරහැරත් සමග පිටත්ව දළදා වීදිය, ඩී.එස්. සේනානායක වීදිය ඔස්සේ ගෙඩිගේ රාජමහා විහාරයට ගොස් සිරිත් ප්‍රකාර දළදා කරඬුව එහි තැන්පත් කොට සිව් දේවාලයන්හි පෙරහැර ආපසු දේවාලවලට පැමිණ දේව පූජාව පැවැත්වීමෙන් පසු කටුකැලේ වීදිය දිගේ ගැටඹේ තොටට ගොස් දිය කැපීමේ මංගල්‍යය සිදු කොට ආපසු ගණදෙවි කෝවිලට පැමිණ දේව පූජාව ඉටු කිරීම සිදුකරයි.
නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන සතර මහා දේවලයන්හි රන්දෝලි සහිතව සතරමහා දේවාල පෙරහැර සහ අලි ඇතුන් නැටුම් සහ හේවිසි කණ්ඩායම් සහිතව විචිත්‍රවත් පෙරහැර දහවල් වීදි සංචාරය කිරීමෙන් අනතුරුව, ගෙඩිගේ විහාරයට ගොස් දළදා පෙරහැරින් රජ වීදියෙන් නැවත දළදා මාලිගා පරිශ්‍රයට පැමිණ මාලිගාවට ගෙවැද නිමාවට පත්වෙයි.
අනතුරුව පස්වරුවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය ගෞරව ප්‍රණාම උත්සවය මහනුවර ජනාධිපති මන්දිරයේදී සිදු කෙරේ. ඇසළ පෙරහැර මංගල්‍යයට සහභාගි වූ සමස්ත ශිල්පීන් සඳහා රාජ්‍ය ගෞරවය සහිතව සම්මාන සහතික පත්‍ර ප්‍රදානය රාජ්‍ය නායකත්වයෙන් සිදුකිරීම අතීතයේ පටන් පැවති සාම්ප්‍රදායික සංස්කෘතික මංගල්‍යයකි. එහිදී පාරම්පරික ශිල්පීන් මෙන්ම නවක ශිල්පීන්ගේ දක්ෂතා අගයමින් දින දහයක් පුරා වීදි සංචාරය කළ පෙරහැරයන්හි දක්ෂ ශිල්පීන් සඳහා සම්මාන සහතික පත්‍ර ප්‍රදානය කිරීම සිදු කෙරේ.
මෙම උත්සවය සඳහා දියවඩන නිළමේවරයා ප්‍රමුඛ සතර මහා දේවාලයන්හි බස්නායක නිළමේවරුද සහභාගි වෙති.
සමන්තී වීරසේකර












