මීගමුව බන්ධනාගාරයේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ ස්වාධීනව සිදුකිරීමට නම් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බව සමගි ජන බලවේගය පවසනවා. එහි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසුවේ අධිකරණ අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒම…
මීගමුව බන්ධනාගාරයේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ ස්වාධීනව සිදුකිරීමට නම් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බව සමගි ජන බලවේගය පවසනවා. එහි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසුවේ අධිකරණ අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට විපක්ෂය කටයුතු කළේ මේ හේතුවෙන් බවයි. ඉදිරි පාර්ලිමේන්තු සතියේදී විශ්වාසභංග යෝජනාව කතානායකවරයාට භාරදෙන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා වැඩිදුරටත් පැවසුවේ. මේ අතර මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මියගිය තවත් නිලධාරින් කිහිප දෙනෙකුගේ අවසන් කටයුතු අද සිදුකෙරෙනවා. එමෙන්ම එම ගැටුමෙන් මියගිය නිලධාරින් අට දෙනාට උසස්වීම් ලබාදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා. ඒ අනුව දෙවන පෙළ ජේලර් චන්ද්‍රවංශ මහතා පළමු පෙළ ජේලර් තනතුරටත් අනෙක් නියාමකරුවන් සැරයන් තනතුරටත් එලෙස උසස් කළ බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. මේ අතර මීගමුවේ ගැටුම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන තවදුරටත් ක්‍රියාත්මකයි.

