අධිකරණ ඇමති ජාතියෙන් සමාව ගත යුතුයි – විපක්‍ෂයෙන් යළිත් ගෝරණාඩුවක් Published July 12, 2026 8:57pm ජනතාව සිය පක්‍ෂයට බලය ලබාදී ඇත්තේ විපක්‍ෂය පවසන අවස්ථාවලදි ඉල්ලා අස්වීමට නොවන බව ජාතික ජනබලවේගය පවසනවා. සිය පක්‍ෂය බලය අත්හරින්නේ රටේ ජනතාව ප්‍රතික්‍ෂේප කරන දිනයකදී පමණක් බවයි එම පක…
අධිකරණ ඇමති ජාතියෙන් සමාව ගත යුතුයි – විපක්‍ෂයෙන් යළිත් ගෝරණාඩුවක්
Published July 12, 2026 8:57pm
ජනතාව සිය පක්‍ෂයට බලය ලබාදී ඇත්තේ විපක්‍ෂය පවසන අවස්ථාවලදි ඉල්ලා අස්වීමට නොවන බව ජාතික ජනබලවේගය පවසනවා. සිය පක්‍ෂය බලය අත්හරින්නේ රටේ ජනතාව ප්‍රතික්‍ෂේප කරන දිනයකදී පමණක් බවයි එම පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සූරවිර මහතා පැවසුවේ. මීගමුව බන්ධනාගාර සිද්ධියට අදාළව අධිකරණ අමාත්‍යවරයා ඉල්ලා අස්විය යුතු නැතැයි ද මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් මන්ත්‍රීවරයා පැවසුවා. කෙසේවෙතත් සමගි ජනබලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පැවසුවේ බන්ධනාගාර ගැටුමට අදාළව අධිකරණ අමාත්‍යවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්ව ජාතියෙන්ද සමාව ගත යුතු බවයි.

