අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංග යෝජනාව මෙම සතියේ කතානායකවරයාට Published July 20, 2026 7:38am අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව විපක්ෂය ගෙන එන විශ්වාසභංග යෝජනාව මෙම සතියේදි කතානායකවරයා වෙත භාරදෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පවසනවා. අධික…
අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංග යෝජනාව මෙම සතියේ කතානායකවරයාට
Published July 20, 2026 7:38am
අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව විපක්ෂය ගෙන එන විශ්වාසභංග යෝජනාව මෙම සතියේදි කතානායකවරයා වෙත භාරදෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පවසනවා. අධිකරණ අමාත්‍යවරයා ඔහුට අදාළ සියලු වගකීම් පැහැරහැර ඇති බවයි මන්ත්‍රීවරයා පැවසුවේ. මීගමුව බන්ධනාගාරය තුළ සිදුවූ ගැටුම් හේතුවෙන් ඝාතනය වූ බන්ධනාගාර නිලධාරීන්ගේ මෙන්ම රැඳවියන්ගේ ද ආරක්ෂාව පිළිබඳව සිය වගකීම සහ වගවීම ඉටු කිරීමට අපොහොසත් වීම හේතුවෙන් අමාත්‍යවරයාට එරෙහිව මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීමට විපක්ෂය තීරණය කළා.

