ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් වළක්වා ගැනීම සඳහා පාසල් තුළදී නිල ඇඳුමට අමතරව අත් සහ කකුල් වැසෙන සේ සුදුසු ඇඳුම් ඇඳීමට පාසල් සිසුන්ට අවසර ලබාදෙන ලෙසට විදුහල්පතිවරුන් වෙත උපදෙස් ලබාදී තිබෙනවා. ඒ, අධ්‍යාපන අමාත්‍යාංශය විසින්. නිසි ප්‍රමිතියකින් යුත් මදුරු විකර්ශක භාවිත කිරීමට සිසුන් දැනුම්ව…

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් වළක්වා ගැනීම සඳහා පාසල් තුළදී නිල ඇඳුමට අමතරව අත් සහ කකුල් වැසෙන සේ සුදුසු ඇඳුම් ඇඳීමට පාසල් සිසුන්ට අවසර ලබාදෙන ලෙසට විදුහල්පතිවරුන් වෙත උපදෙස් ලබාදී තිබෙනවා. ඒ, අධ්‍යාපන අමාත්‍යාංශය විසින්. නිසි ප්‍රමිතියකින් යුත් මදුරු විකර්ශක භාවිත කිරීමට සිසුන් දැනුම්වත් කරන ලෙසටද විදුහල්පතිවරුන්ට උපදෙස් දුන් බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවසුවේ. මේ අතර වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 68,071ක් වන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පැවසුවා. ඉන් රෝගීන් 47 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.