ඇමෙරිකාව සහ ඉරානය අතර පවතින දැඩි නොසන්සුන්කාරී තත්ත්වය සමනය කර ගැනීම සඳහා වන තීරණාත්මක සාකච්ඡා අද ඕමානයේදී පැවැත්වීමට නියමිතයි. හෝමුස් සමුද්‍ර සන්ධිය වාණිජ නැව් සඳහා විවෘත බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන ලෙසත්, නැව්වලට ප්‍රහාර එල්ල කිරීම නතර කරන බවට පොරොන්දු වන ලෙසත් ඇමෙරිකාව මෙහ…
ඇමෙරිකාව සහ ඉරානය අතර පවතින දැඩි නොසන්සුන්කාරී තත්ත්වය සමනය කර ගැනීම සඳහා වන තීරණාත්මක සාකච්ඡා අද ඕමානයේදී පැවැත්වීමට නියමිතයි. හෝමුස් සමුද්‍ර සන්ධිය වාණිජ නැව් සඳහා විවෘත බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන ලෙසත්, නැව්වලට ප්‍රහාර එල්ල කිරීම නතර කරන බවට පොරොන්දු වන ලෙසත් ඇමෙරිකාව මෙහිදී ඉරානයට බලකර සිටිනවා. පසුගියදා හෝමුස් සමුද්‍ර සන්ධියේදී වාණිජ නැව් කිහිපයකට ප්‍රහාර එල්ල වුණා. ඇමෙරිකානු මාධ්‍ය වාර්තා කරන්නේ, මෙම ප්‍රහාර තමන් අතින් සිදුවූ වැරදීමක් බව ඉරානය රහසිගතව පිළිගෙන ඇති බවයි. ඉරාන රජයේ දැඩි මතධාරී කල්ලියක් විසින් සාකච්ඡා කඩාකප්පල් කිරීම සඳහා මෙම ප්‍රහාර එල්ල කර ඇති බව ඉරානය අමෙරිකාවට රහසිගතව දැනුම් දී ඇතැයි ද අමෙරිකානු මාධ්‍ය කියා සිටියා. කෙසේ වෙතත්, මෙම ප්‍රහාරයන් සටන්විරාම ගිවිසුම උල්ලංඝනය කිරීමක් බවයි ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ. තමන්ව ඝාතනය කිරීමට ඉරානය සැලසුම් කරන බවට ලැබී ඇති බුද්ධි තොරතුරු සම්බන්ධයෙන්ද ජනාධිපති ට්‍රම්ප් දැඩි අනතුරු ඇඟවීමක් කළා. එවැනි ප්‍රහාරයක් එල්ල වුවහොත් ඉරානයේ සියලුම ප්‍රදේශ සහමුලින්ම විනාශ කර දමන බවයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මාධ්‍ය සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ. කරුණු මෙසේ තිබියදී වුවත් කලාපීය සාමය වෙනුවෙන් අද පැවැත්වෙන සාකච්ඡා සඳහා ඇමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස්, රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ සහභාගිවීමට නියමිතව තිබෙනවා. ඉරානය නියෝජනය කරමින් එරට විදේශ අමාත්‍ය අබ්බාස් අරක්ජි ඇතුළු ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයන් පිරිසක් එක්වීමට නියමිතයි.

