ඇමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව, නාසා, එ.ජනපද මහ බැංකුව, සෙනෙට් සභාව ඇතුළු රාජ්‍ය සංවේදී ආයතන ගණනාවකට අනවසරයෙන් ඇතුළුවීමට ගත් ප්‍රබල මෙහෙයුමක් (Hacking Operation) ව්‍යාර්ථ කළ බව ඇමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ඇමෙරිකානු බලශක්ති සහ සෞඛ්‍ය හා මානව සේ…

ඇමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව, නාසා, එ.ජනපද මහ බැංකුව, සෙනෙට් සභාව ඇතුළු රාජ්‍ය සංවේදී ආයතන ගණනාවකට අනවසරයෙන් ඇතුළුවීමට ගත් ප්‍රබල මෙහෙයුමක් (Hacking Operation) ව්‍යාර්ථ කළ බව ඇමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඇමෙරිකානු බලශක්ති සහ සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුව, ජාතික සෞඛ්‍ය ආයතන, ඇමෙරිකාවේ සහ දකුණු කොරියාවේ නම් නොකළ සමාගම් හතරක් මෙම හැකර්වරුන්ගේ ගොදුරු බවට පත් වී ඇතැයි ප්‍රකාශ කර ඇත. Qcan iy QTRouter නමින් යුත් හැකර් අන්තර්ජාල ප්‍රවේශ වේදිකා දෙකක් ඔස්සේ මෙම ප්‍රහාර මෙහෙයවා ඇත. ඇමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන්නේ මෙම හැකර් වේදිකා චීනය පදනම් කරගත් නැන්ජින් ෂින්ජියුවෙයි ජාල තාක්ෂණ සමාගම විසින් පවත්වා ගෙන යනු ලබන බවත්, එහි සේවා දායකයන් අතර චීනයේ සිවිල් බුද්ධි ඒජන්සිය, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය සහ එහි හමුදාව වන මහජන විමුක්ති හමුදාව ඇතුළත් බවත්ය.

2018 සිට ඇමෙරිකාවේ සහ ලෝකයේ බොහෝ තීරණාත්මක යටිතල පහසුකම් සහ සංවේදී ජාල අවදානමට ලක් කිරීම සඳහා මෙම හැකරුන් සංවර්ධනය කරන ලද මෙවලම් භාවිතා කළ බව ද සමහර ආයතන දිවුරුම් ප්‍රකාශ මගින් පෙන්වා දී ඇත. 2019 අගෝස්තුවේ දී නාසා වෙත ද 2024 සැප්තැම්බර් ඇමෙරිකානු ආරක්ෂක උපාංග නිෂ්පාදකයකු වෙත ද 2024 මැයි මාසය ආරක්ෂක කොන්ත්‍රාත්කරුවන් මූල්‍ය ආයතන සහ විශ්වවිද්‍යාලවලින් සාර්ථකව දත්ත සොරකම් කර ඇති බව කියවේ. නමුත් චීනය ප්‍රකාශ කරන්නේ ඇමෙරිකාව චීනයට මඩ ගැසීමට අප කීර්තියට පත් කිරීමට සයිබර් ආරක්ෂාව භාවිතා කරන බවත්, චීන රජය නීතියට අනුකූලව සියලු ආකාරයේ සයිබර් ප්‍රහාරවලට දැඩි ලෙස විරුද්ධ වන බවත් ඒවාට එරෙහිව සටන් කරන බවත්ය. එසේම නැන්ජින් ෂින්ජියුවෙයි සමාගම මේ පිළිබඳ අදහස් දැක්වීම නොකළ බව රොයිටර් වාර්තා කරයි.