වත්මන් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාට එරෙහිව පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කර ඇති චෝදනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මට්ටමින් ගෙන ඇති හෝ ගැනීමට නියමිත ක්‍රියාමාර්ග පිළිබඳව ලිඛිත පැහැදිලි කිරීමක් ලබාදෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ දයාසිරි ජයසේකර කථානායකවර…

වත්මන් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාට එරෙහිව පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කර ඇති චෝදනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මට්ටමින් ගෙන ඇති හෝ ගැනීමට නියමිත ක්‍රියාමාර්ග පිළිබඳව ලිඛිත පැහැදිලි කිරීමක් ලබාදෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ දයාසිරි ජයසේකර කථානායකවරයාගෙන් ඉල්ලා තිබෙනවා. ඒ, කථානායකවරයා වෙත ලිපියක් යොමු කරමින්. මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු විසින් සභා ගර්භය තුළදී අගවිනිසුරු සම්බන්ධයෙන් මතු කළ කරුණු කිහිපයක් දයාසිරි ජයසේකර මහතා සිය ලිපිය මගින් පෙන්වා දී තිබෙනවා. එම ලිපියෙහි සඳහන් චෝදනා කිසිවක් සත්‍ය බවට තමන් පූර්ව නිගමනයකට එළඹෙන්නේ නැති බවත්, ඒවා පාර්ලිමේන්තුවේදී මතු වූ ප්‍රශ්න ලෙස පමණක් සලකන බවත් මන්ත්‍රීවරයා අවධාරණය කරනවා. එම චෝදනා සත්‍ය නම් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්විය යුතු අතර, අසත්‍ය නම් අගවිනිසුරුවරයාගේ කීර්තිනාමය ආරක්ෂා කිරීම සඳහා සත්‍ය තත්ත්වය හෙළි කළ යුතු බවයි මන්ත්‍රීවරයා සිය ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.