අගුලානට ආසන්න මුහුදු තීරයේදී නාවික හමුදාවට අයත් වේග ප්‍රහාරක මුර යාත්‍රාවක් අනතුරට ලක්ව තිබෙනවා. නාවික හමුදාව පැවසුවේ පුහුණු සැසියක් අවසන් කර යළි ගමනාන්තය දක්වා පැමිණෙමින් තිබිදයි එම යාත්‍රාව අනතුරට ලක්ව ඇති බවයි. අනතුර සිදුවන අවස්ථාවේ එම යාත්‍රාවේ නිලධාරීන් 12 දෙනෙකු රැදි සිට ත…
අගුලානට ආසන්න මුහුදු තීරයේදී නාවික හමුදාවට අයත් වේග ප්‍රහාරක මුර යාත්‍රාවක් අනතුරට ලක්ව තිබෙනවා. නාවික හමුදාව පැවසුවේ පුහුණු සැසියක් අවසන් කර යළි ගමනාන්තය දක්වා පැමිණෙමින් තිබිදයි එම යාත්‍රාව අනතුරට ලක්ව ඇති බවයි. අනතුර සිදුවන අවස්ථාවේ එම යාත්‍රාවේ නිලධාරීන් 12 දෙනෙකු රැදි සිට තිබෙනවා. අනතුරට වාර්තාවීමත් සමග අගුලාන පොලිස් ස්ථානයේ නිලධාරීන් එම ස්ථානයට පැමිණියා. එම සිද්ධිය වාර්තා කළ නෙත් නිවුස් මාණ්ඩලික වාර්තාකරු නිශාන් ද සිල්වා මෙලෙස අදහස් පළ කළා. ''අනතුර සිදුවන අවස්ථාවේ මෙම නාවික හමුදා යාත්‍රාවේ නිලධාරීන් 12 දෙනෙකු රැඳී සිටි බවයි නාවික හමුදාව කිව්වේ. සිද්ධිය සම්බන්ධයෙන් අඟුලාන පොලිස් ස්ථානාධිපතිවරයා දැනුවත් වීමෙන් අනතුරුව, පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ද සමග වහාම අදාළ මුහුදු ප්‍රදේශයට පැමිණියා. එහිදී ප්‍රදේශවාසීන්ගේ ද සහය ඇතිව ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකින් අදාළ යාත්‍රාවේ සිටි නිලධාරීන් 11 දෙනෙකුගේ ජීවිත බේරා ගැනීමට පොලීසිය සහ ප්‍රදේශවාසීන් සමත් වුණා. කෙසේ වෙතත්, එහි සිටි තවත් එක් නිලධාරියෙකු මේ වන විටත් අතුරුදහන්ව සිටින අතර, එම නිලධාරියා සෙවීමේ කටයුතු සඳහා නාවික හමුදා යාත්‍රා මෙන්ම ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානයක් ද යොදවා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක කෙරෙනවා. මේ අතර, මුදාගත් නාවික හමුදා නිලධාරීන් 11 දෙනා මේ වන විට ලුනාව රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.''











