ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ හය වන පෙරහැර අද Published July 20, 2026 12:56pm ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ මෙවර පැවැත්වෙන ඇසළ පෙරහැර මංගල්‍යයේ 6 වන පෙරහැර අද රාත්‍රියේ වීථි සංචාරය කෙරෙනවා. බෞද්ධ මන්දිරය වෙත බුද්ධ පූජාව පවත්වා වත බැඳ සෙත්පිරිත් සජ්ජායනා මධ්‍යයේ ආරම්භ වන…
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ හය වන පෙරහැර අද
Published July 20, 2026 12:56pm
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ මෙවර පැවැත්වෙන ඇසළ පෙරහැර මංගල්‍යයේ 6 වන පෙරහැර අද රාත්‍රියේ වීථි සංචාරය කෙරෙනවා. බෞද්ධ මන්දිරය වෙත බුද්ධ පූජාව පවත්වා වත බැඳ සෙත්පිරිත් සජ්ජායනා මධ්‍යයේ ආරම්භ වන පෙරහර අෂ්ටඵල බෝධිය වටා ප්‍රදක්ෂිණා කොට ප්‍රධාන වාහල්කඩ දොරටුවෙන් පිටත්ව යාමට නියමිතව තිබෙනවා. මෙලෙස පිටත්වන පෙරහැර පිට වීදිය ඔස්සේ වල්ලි අම්මා දේවාලය වෙත විථි සංචාරය කෙරෛනවා.

