පාකිස්තානයේ සිට ගෙනාවේ මහා පරිමාණ ව්‍යාපාරිකයකුගේ නමින්කන්ටේනරයේ උඩින් තුවා අසුරා යටින් අයිස් හංගලාසැකපිට ව්‍යාපාරියෙක් අත්අඩංගුවට අර්තාපල් අල ගෙන්වන මුවාවෙන් පාකිස්තානයේ සිට රැගෙන ආ රුපියල් කෝටි 1000 කට අධික වටිනාකමෙන් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 475 ක තොගයක් කොළඹ වරායේ කන්ටේනර…

පාකිස්තානයේ සිට ගෙනාවේ මහා පරිමාණ ව්‍යාපාරිකයකුගේ නමින්කන්ටේනරයේ උඩින් තුවා අසුරා යටින් අයිස් හංගලාසැකපිට ව්‍යාපාරියෙක් අත්අඩංගුවට

අර්තාපල් අල ගෙන්වන මුවාවෙන් පාකිස්තානයේ සිට රැගෙන ආ රුපියල් කෝටි 1000 කට අධික වටිනාකමෙන් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 475 ක තොගයක් කොළඹ වරායේ කන්ටේනරයක තිබී මධ්‍යම අපරාධ විමර්ශන ඒකකය සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය ඊයේ (31දා) අත්අඩංගුවට ගන්නා ලදී.

මෙරටට මහා පරිමාණයෙන් අල, ලූණු ගෙන්වන ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු-ගේ නමට රැගෙන ආ බව කියන කන්ටේනරයක තිබී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන තිබිණි.

පොලිස් අපරාධ අංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාට ලැබුණු තොරතුරකට අනුව මධ්‍යම අපරාධ ඒකකය සහ මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් මාසයකට ආසන්න කාලයක් තිස්සේ කළ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැනීමට හැකි විය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු

මෙම මත්ද්‍රව්‍ය තොගය රැගෙන ඒමේ සිද්ධියට සම්බන්ධ බවට සැකකරන ව්‍යාපාරිකයකු ද මේ වනවිට අත්අඩංගුවට ගෙන සිටියි.

මෙම අයිස් මත්ද්‍රව්‍ය සහිත කන්ටේනරය කොළඹ වරායෙන් පන්නාගෙන යෑමට ජාවාරම්කරුවන් දැඩි උත්සාහයක නිරත වී සිට ඇති බවද මේ වනවිට අනාවරණය වී තිබේ.

මෙම අයිස් කන්ටේනරය පිළිබඳව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාට තොරතුරු ලැබීමෙන් පසු ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර කන්ටේනරය වරායෙන් පිට කිරීම වැළැක්වීමට කටයුතු කර තිබිණි.

විමර්ශන නිලධාරීන් පවසන අන්දමට මෙම කන්ටේනරය කොළඹ වරාය වෙත රැගෙන විත් ඇත්තේ මීට මාස එකහමාරකට උඩදීය.

පාකිස්තානයේ සිට අල තොගයක් ගෙන්වන මුවාවෙන් කන්ටේනරය තුළ අයිස් මත්ද්‍රව්‍ය සඟවා ගෙන්වා ඇති බව විමර්ශනවලින් හෙළිවී ඇත.

කන්ටේනරය විවෘත කර පරීක්‍ෂා කිරීමේදී එහි උඩින් තුවා අසුරා තිබී ඇති අතර ඊට යටින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑමය බැගින් වූ පැකට් අසුරා තිබී ඇත. මෙම අයිස් කන්ටේනරය

රැගෙන ආ ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය පුළුල් විමර්ශන ආරම්භ කර ඇත.

ශ්‍රී ලංකාවට අයිස් ඇතුළු අනෙකුත් මත්ද්‍රව්‍ය විශාල වශයෙන් එන්නේ මුහුදු මාර්ගවලින් සහ කන්ටේනර්වලින් බවට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා මීට වසර කිහිපයකට පෙර සිට අනාවරණය කර තිබිණි.

එහෙත් යම් යම් බාධාවන් නිසා කන්ටේනර් තුළ රැගෙන එන මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකියාව තිබුණේ නැත.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය සහ මධ්‍යම අපරාධ විමර්ශන ඒකකය පුළුල් විමර්ශනයක් පවත්වාගෙන යයි.හේමන්ත රන්දුණු