දැඩි අවධානයෙන් සහ ඕනෑම මොහොතක වහාම ඉවත්වීමට සූදානම් සිටින ලෙස මැදපෙරදිග කලාපයේ වෙසෙන සියලුම අමෙරිකානු ජාතිකයන්ට අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විශේෂ ආරක්ෂක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. කලාපයේ යුද් උණුසුම තවදුරටත් තීව්‍ර වෙමින් තිබියදීයි අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මෙම ආරක්ෂ…
දැඩි අවධානයෙන් සහ ඕනෑම මොහොතක වහාම ඉවත්වීමට සූදානම් සිටින ලෙස මැදපෙරදිග කලාපයේ වෙසෙන සියලුම අමෙරිකානු ජාතිකයන්ට අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විශේෂ ආරක්ෂක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. කලාපයේ යුද් උණුසුම තවදුරටත් තීව්‍ර වෙමින් තිබියදීයි අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මෙම ආරක්ෂක නිවේදනය නිකුත් කර ඇත්තේ. මැදපෙරදිග කලාපයේ පමණක් නොව ඉන් පිටත පිහිටි අමෙරිකානු රාජ්‍යතාන්ත්‍රික මධ්‍යස්ථාන පවා ප්‍රහාරවලට ඉලක්ක වීමේ අවදානමක් පවතින බව හඳුනාගෙන තිබෙනවා. ඉරානය සහ ඉරානයට සහාය දක්වන සංවිධාන ලොව පුරා පිහිටි අමෙරිකානු හිතවාදී ස්ථාන වෙත ප්‍රහාර එල්ල කිරීමේ හැකියාවක් පවතින බවයි අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය ඒ සඳහන් වන්නේ. මේ අතර ඉදිරි සති අන්තයේදී ඉරානයට එරෙහිව තවත් තදබල ප්‍රහාර මාලාවක් එල්ල කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සූදානම් වන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඉරානයේ බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කරගනිමින් අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව මෙම ප්‍රහාරය සැලසුම් කර ඇති බවයි සී.බී.එස්. (CBS) ප්‍රවෘත්ති සේවය සඳහන් කළේ. කෙසේ වෙතත්, වොෂින්ටනය සමඟ සහයෝගයෙන් කටයුතු කරන ඕනෑම කලාපීය රටක් “යුද්ධයේ ගිනි ජාලාවලට ගොදුරු වන බවට” ඉරානය අනතුරු අඟවා සිටිනවා. පවතින උණුසුම් තත්ත්වය හමුවේ ගුවන්ගමන් අවලංගු වීම්, ගුවන් සීමා වසා දැමීම් සහ සංචාරක බාධාවන් ද ඇතිවිය හැකි බවටයි අනුමාන කෙරෙන්නේ.








