හොර්මුස් සමුද්‍ර සන්ධියේදී පැනමා රාජ්‍යයට අයත් වාණිජ නෞකාවකට එල්ල කෙරුනු ඩ්‍රෝන ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන්, ඇමරිකානු හමුදාව විසින් ඉරාන ඉලක්ක කිහිපයකට ප්‍රබල ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා. ඇමරිකානු මධ්‍යම අණදෙන කාර්යාලය පවසන්නේ ඉරානය විසින් දිගින් දිගටම ජාත්‍යන්තර මුහුදු සීමාවේ…
හොර්මුස් සමුද්‍ර සන්ධියේදී පැනමා රාජ්‍යයට අයත් වාණිජ නෞකාවකට එල්ල කෙරුනු ඩ්‍රෝන ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන්, ඇමරිකානු හමුදාව විසින් ඉරාන ඉලක්ක කිහිපයකට ප්‍රබල ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා. ඇමරිකානු මධ්‍යම අණදෙන කාර්යාලය පවසන්නේ ඉරානය විසින් දිගින් දිගටම ජාත්‍යන්තර මුහුදු සීමාවේ ගමන් කරන වාණිජ නෞකාවලට බාධා කිරීම නිසා මෙම පියවර ගත් බවයි. මේ අතර ඇමරිකානු ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර ලෙස ඉරාන විප්ලවීය බලකාය ද නැවත ප්‍රහාර සිදු කරමින් සිටිනවා. කුවේටයේ සහ බහරේනයේ පිහිටි ඇමරිකානු හමුදා කඳවුරු ඉලක්ක කරමින් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් ඉරානය විසින් සිදු කර ඇති බවයි BBC ප්‍රවෘත්ති සේවය පවසන්නේ. මේ හේතුවෙන් කුවේටය සහ බහරේනය තම ගුවන් ආරක්ෂක පද්ධති ක්‍රියාත්මක කර ඇති අතර, එරට වැසියන්ට ආරක්ෂිත ස්ථාන කරා යන ලෙස නිවේදනද නිකුත් කර තිබෙනවා. මෙම තත්ත්වය පිළිබඳ අදහස් දක්වමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මාධ්‍ය සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ, ඉරානය මෙලෙස සටන් විරාම ගිවිසුම් කඩ කරන්නේ නම්, ඉරානය නමැති රාජ්‍යය ලෝක සිතියමෙන් තුරන් කිරීමට වුවද තමන් පසුබට නොවන බවයි. ඉකුත් ජූනි 17 වැනිදා ඇමරිකාව සහ ඉරානය අතර ඇති කරගත් සටන් විරාම ගිවිසුම, දැන් දෙපාර්ශවය විසින්ම නොසලකා හරිමින් තිබෙනවා. කෙසේ වුවත්, ලෝක වෙළඳාමට සහ තෙල් ප්‍රවාහනයට අතිශය වැදගත් වන හොර්මුස් සමුද්‍ර සන්ධිය හරහා තවදුරටත් වාණිජ නෞකා ගමනාගමනය සිදුවන බවයි ඇමරිකාව පවසන්නේ.

