අනතුරු හේතුවෙන් වාර්ෂිකව ජීවිත දස දහසක් පමණ රටට අහිමි වන බව ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග මහතා පවසනවා. ඒ අනුව සෑම පැය තුනකටම වරක් අනතුරු හේතුවෙන් පුද්ගලයන් සිව් දෙනෙකුට දිවි අහිමි වන බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ. මේ අතර 2026 වර්ෂයේ මේ දක්වා මාර්ග රිය අනතුරු 1,323ක් සිද…

අනතුරු හේතුවෙන් වාර්ෂිකව ජීවිත දස දහසක් පමණ රටට අහිමි වන බව ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග මහතා පවසනවා. ඒ අනුව සෑම පැය තුනකටම වරක් අනතුරු හේතුවෙන් පුද්ගලයන් සිව් දෙනෙකුට දිවි අහිමි වන බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ. මේ අතර 2026 වර්ෂයේ මේ දක්වා මාර්ග රිය අනතුරු 1,323ක් සිදුව ඇති බවත් එම අනතුරුවලින් පුද්ගලයින් 1389 දෙනෙකු මියගොස් ඇති බවත් පොලීසිය පවසනවා. රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව අංශයේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල මහතා පැවසුවේ අනතුරු වැඩි වීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ රියදුරන් මාර්ග නීති උල්ලංඝනය කිරීම බවයි. මේ අතර 11 වන ජාතික අනතුරු නිවාරණ සතිය ජුලි 06 වනදා සිට 10 වනදා දක්වා ක්‍රියාත්ම කිරීමට නියමිතයි.