මුහුණු පොත හා ටෙලිග්‍රෑම් මාදුකාංග හරහා සම්බන්ධතා ගොඩ නගා ගනිමින් අන්තර්ජාලය ඔස්සේ ව්‍යාපාර සිදුකර මුදල් ඉපයීම සිදුකළ හැකි බව පවසා මුදල් වංචා කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වයඹ පළාත් පරිගණක අපරාධ විමර්ශන අංශය වෙත ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකින් අනතුරුව එම සැකකරු අ…

මුහුණු පොත හා ටෙලිග්‍රෑම් මාදුකාංග හරහා සම්බන්ධතා ගොඩ නගා ගනිමින් අන්තර්ජාලය ඔස්සේ ව්‍යාපාර සිදුකර මුදල් ඉපයීම සිදුකළ හැකි බව පවසා මුදල් වංචා කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වයඹ පළාත් පරිගණක අපරාධ විමර්ශන අංශය වෙත ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකින් අනතුරුව එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළේ. එම සැකකරු රුපියල් හතලිස් තුන් ලක්ෂ අසූ හය දහස් දෙසිය දහ නවයක මුදලක් එලෙස වංචා කර එම මුදලින් රුපියල් ලක්ෂ 05 ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කර තිබෙනවා. අත්අඩංගුවට ගෙන ඇත්තේ බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සිද්ධිය සම්බන්ධයෙන් වයඹ පළාත් පරිගණක අපරාධ විමර්ශන අංශය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.