අනුරාධපුර පොසොන් පුරවර සැණකෙලි භූමියේ රථ ගාලක් තුළදී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකට අදාළ පුද්ගලයන් තිදෙනෙකු පොලීිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතර සමගි ජන බලවේගයේ නාගරික මන්ත්‍රීවරයෙකුද වන බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් අනුරාධපුර, පුබුදුපුර සහ ව…
අනුරාධපුර පොසොන් පුරවර සැණකෙලි භූමියේ රථ ගාලක් තුළදී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකට අදාළ පුද්ගලයන් තිදෙනෙකු පොලීිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතර සමගි ජන බලවේගයේ නාගරික මන්ත්‍රීවරයෙකුද වන බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් අනුරාධපුර, පුබුදුපුර සහ වන්නියන්කුලම ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා. එම ගැටුමෙන් තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනෙකු ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුලත් කර තිබෙනවා. වාහන ගාල්කිරීමට යාමේදී ඇතිවූ බහින්බස්වීමක් ගැටුමට හේතුවී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

