බන්ධනාගාරගතව සිටින කුඩු ව්‍යාපාරිකයන් සමග 92 වතාවක් කතාකරපු දේශපාලන නායකයෙක් ඉන්නවා මත්ද්‍රව්‍ය ජාවාරම හා බැඳුණු සන්නද්ධ කල්ලි මැඬලීමට දිගටම පියවර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මේ වසරේ අහෝසි කරනවා අපරාධකරුවන් මරා දැමීම වැළැක්වීමට මුදල් ගත් අවස්ථා හෙළිවී ඇති බවත්, කෙනෙක් අත්අඩංගුවට…
බන්ධනාගාරගතව සිටින කුඩු ව්‍යාපාරිකයන් සමග 92 වතාවක් කතාකරපු දේශපාලන නායකයෙක් ඉන්නවා මත්ද්‍රව්‍ය ජාවාරම හා බැඳුණු සන්නද්ධ කල්ලි මැඬලීමට දිගටම පියවර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මේ වසරේ අහෝසි කරනවා අපරාධකරුවන් මරා දැමීම වැළැක්වීමට මුදල් ගත් අවස්ථා හෙළිවී ඇති බවත්, කෙනෙක් අත්අඩංගුවට ගත්විට අධිකරණයට ඉදිරිපත් නොකර මරණයෙන් බේරා දීමට කප්පම් ගත් අවස්ථා දැන් හෙළිවී තිබෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (25දා) පාර්ලිමේන්තුවේදී පැවැසීය. බන්ධනාගාර ගතවී සිටින කුඩු ව්‍යාපාරිකයන් සමග 92 වතාවක් කතා කරන දේශපාලන නායකයෙක් සිටින බවත් ඉන් 54 වතාවක් ඔහු අපරාධකරුවන්ට ඇමැතුම් අරන් තිබෙන බවත් ඉතිරි ටික ඔහුට අරගෙන තිබෙන බවත් ජනාධිපතිවරයා හෙළි කළේය. රතු වරෙන්තු නිකුත් කළ 23 දෙනකු මේ වනවිට මෙරටට ගෙනැවිත් තිබෙන බවත් මත්ද්‍රව්‍ය ජාවාරම් සමග බැඳුණු සන්නද්ධ අපරාධ කල්ලි මැඬපැවැත්වීමටත් බාහිර පාර්ශ්ව සමග සන්නිවේදනය තබාගත නොහැකි ලෙස වැලිසර බන්ධනාගාරයක් ස්ථාපිත කර අපරාධකරුවන් එහි රඳවා ඇත්තේ අපරාධවලට එරෙහිව රජයේ ක්‍රියාදාමය සාක්ෂාත් කරගැනීමට බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය. රනිල් ධර්මසේන

