මේ වන විට සියයට 5ක මට්ටමේ පවතින මෙරට ආර්ථික වර්ධනය, ඉදිරි වසර කිහිපය ඇතුළත සියයට 7ත් 8ත් දක්වා වූ ඉහළ මට්ටමකට ගෙන ඒමට වෙහෙසිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ ඒ සඳහා තොරතුරු තාක්ෂණ, විදුලි මෙන්ම ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍රයන්හි පුළුල් දායකත…
මේ වන විට සියයට 5ක මට්ටමේ පවතින මෙරට ආර්ථික වර්ධනය, ඉදිරි වසර කිහිපය ඇතුළත සියයට 7ත් 8ත් දක්වා වූ ඉහළ මට්ටමකට ගෙන ඒමට වෙහෙසිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ ඒ සඳහා තොරතුරු තාක්ෂණ, විදුලි මෙන්ම ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍රයන්හි පුළුල් දායකත්වයක් රජය බලාපොරොත්තු වන බවයි. තොරතුරු තාක්ෂණ, විදුලි සහ ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍රවල ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන්, කර්මාන්තකරුවන් සහ ආයෝජකයන් සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේ, මෙරට ආර්ථික වර්ධනය වේගවත් කිරීම වෙනුවෙන් ලබන වසරේදී ප්‍රාග්ධන වියදම් ලෙස රුපියල් ටි්‍රලියන 2ක් වෙන් කරන්න අපේක්ෂා කරන බවයි. මෙහිදී ඇතිවන ඩොලර් ඉල්ලුම පියවා ගන්න නම් අපනයන ක්ෂේත්‍රයේ දායකත්වය උපරිමයෙන්ම අවශ්‍ය බව ද ජනාධිපතිවරයා අවධාරණය කළා.

