අර්චුනාගේ මන්ත්‍රී ධුරය අහෝසි කරන්නැයි ඉල්ලා ගොනු කර තිබෙන පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරන්නැයි ඉල්ලීමක් Published August 31, 2026 2:04pm පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබෙන පෙත්සම ශ…

අර්චුනාගේ මන්ත්‍රී ධුරය අහෝසි කරන්නැයි ඉල්ලා ගොනු කර තිබෙන පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරන්නැයි ඉල්ලීමක්

Published August 31, 2026 2:04pm

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබෙන පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කරන ලෙස ඔහුගේ නීතිඥවරයා අද අභියාචනාධිකරණය හමුවේ ඉල්ලීමක් කළා. මෙම පෙත්සම අභියාචනාධිකරණය හමුවේ අද කැඳවූ අවස්ථාවේදී අර්චුනා මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි නිතිඥ සෙනානි දයාරත්න මහතා විසින් මෙම ඉල්ලීම මතු කරනු ලැබුවා. කෙසේ වෙතත් අභියාචනාධිකරණය සඳහන් කළේ මෙම ඉල්ලීම සම්බන්ධයෙන් සුදුසු අවස්ථාවේදී නියෝගයක් නිකුත් කරන බවයි.