අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ දිස්ත්‍රික්ක පහකට බලපෑම් එල්ල වී තිබෙනවා. ඒ අනුව මහනුවර, නුවරඑළිය, කෑගල්ල, මාතලේ සහ මාතර දිස්ත්‍රික්කවල ආරක්ෂිත ස්ථාන නවයක් පුරා පුද්ගලයින් 1,881 දෙනෙක් තාවකාලිකව රඳවා ඇති බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පැවසුවේ. ඔවුන් සදහා සහන වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රිය…
අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ දිස්ත්‍රික්ක පහකට බලපෑම් එල්ල වී තිබෙනවා. ඒ අනුව මහනුවර, නුවරඑළිය, කෑගල්ල, මාතලේ සහ මාතර දිස්ත්‍රික්කවල ආරක්ෂිත ස්ථාන නවයක් පුරා පුද්ගලයින් 1,881 දෙනෙක් තාවකාලිකව රඳවා ඇති බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පැවසුවේ. ඔවුන් සදහා සහන වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මකයි. අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ නිවාස 129 කට අර්ධහානි සිදුව තිබෙනවා. පුද්ගල මරණ පහක් ද වාර්තා වන බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසන්නේ. නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් හා මහනුවර දිස්ත්‍රික්කයෙන් එම මරණ වාර්තා වනවා. පස්කදු කඩා වැටීම හේතුවෙන් ඔවුන් එලෙස මියගොස් ඇති බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පැවසුවේ. එමෙන්ම අයහපත් කාලගුණයෙන් බලපෑම් එල්ලවී ඇති ප්‍රදේශවල ජනතාව තවදුරටත් විමසිල්ලෙන් පසුවිය යුතු බවයි එම මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ. ''පැවතුණු ආපදා තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක පහක් පුරා විශේෂයෙන්ම මහනුවර, නුවරඑළිය, කෑගල්ල, මාතලේ, මාතර දිස්ත්‍රික්කවල ආරක්ෂිත ස්ථාන නවයක් පුරා පුද්ගලයින් 1,881 දෙනෙක් තාවකාලිකව රඳවා තිබෙනවා. විශේෂයෙන්ම නුවරඑළිය, කෑගල්ල දිස්ත්‍රික්කවල තමයි මෙම ආරක්ෂිත ස්ථාන පවතින්නේ. මේ සඳහා සහන වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මකයි. අර්ධ නිවාස හානි 129 ක් පැවතුණු ආපදා තත්ත්වය හේතුවෙන් වාර්තා වෙනවා. පුද්ගල මරණ පහක් වාර්තා වෙනවා, විශේෂයෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ පුද්ගල මරණ හතරක් සහ මහනුවර දිස්ත්‍රික්කයේ පුද්ගල මරණයක්. විශේෂයෙන්ම පස්කඳු කඩා වැටීම් තමයි විශේෂයෙන්ම හේතු වෙලා තියෙන්නේ මේ තත්ත්වය සමගම. තුවාල ලැබූ සංඛ්‍යාව තුන්දෙනෙකු සහ අතුරුදහන් සංඛ්‍යාව දෙදෙනෙකු ලෙස වාර්තා වෙලා පවතිනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් වැසි සහිත තත්ත්වයන් අපේක්ෂා කරනවා. සබරගමුව පළාත සහ මහනුවර, නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි සහිත තත්ත්වයන් අපේක්ෂා කරනවා. ධීවර ප්‍රජාව වෙනුවෙන් ලබා දීලා තියෙන නිවේදනය තවමත් වලංගු වෙනවා. ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60-70 දක්වා වැඩි විය හැකි බැවින් එම ප්‍රදේශවල ධීවර ප්‍රජාව යාත්‍රා නොකරන ලෙස ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා. වර්ෂා සහිත තත්ත්වයන් ඊයේ දිනයේදීත් වාර්තා වුණා. මේ වන විටත් පසුගිය පැය 24 පුරාවට මිලිමීටර් 100 ඉක්මවූ වැසි නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල වාර්තා වෙලා තිබෙනවා. රතු නිවේදනයන් නිකුත් කරලා තියෙන ප්‍රදේශවල ජනතාව ඉවත් කිරීමේ කටයුතු ආපදා කළමනාකරණ ඒකක සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයත් එක්කම ඒ සියලුම රාජ්‍ය යාන්ත්‍රණයන් ක්‍රියාත්මක වෙමින් දිස්ත්‍රික් ලේකම්තුමාලා, ප්‍රාදේශීය ලේකම්තුමාලා සහ සියලු ග්‍රාම නිලධාරීතුමාලාගේ සහයෝගයෙන් අඛණ්ඩව සිදුවුණා. විශේෂයෙන්ම දැන් මේ වන විටත් රතු නිවේදන නිකුත් කරලා තියෙනවා මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර, පස්බාගේ කෝරළේ, ගඟ ඉහළ කෝරළේ කියන ප්‍රදේශවලට. ඒ වගේම කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට ප්‍රදේශයටත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව සහ නෝවුඩ් කියන ප්‍රදේශයටත් මෙම රතු නිවේදනයන් නිකුත් කරලා තිබෙනවා. ගංගා ජල මට්ටම්වල ස්වභාවය වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් වාර්තා කරලා තියෙනවා. විශේෂයෙන්ම මේ වන විට කැළණි ගඟේ යම් ජල මට්ටමේ වැඩිවීමක් ඊයේ දිනයේදී පෙන්නුම් කරා. ඒ වගේම ග්ලෙන්කෝස් ප්‍රදේශයෙන් තවමත් සුළු ගංවතුර මට්ටමක තමයි පවතින්නේ. කළු ගඟෙත් විශේෂයෙන්ම රත්නපුර ප්‍රදේශයෙන් සුළු ගංවතුර තත්ත්වයක පවතිනවා. ඒ වගේම මහවැලි ගඟෙත් යම් අඩුවීමක් පෙන්නුම් කරනවා. විශේෂයෙන්ම පේරාදෙණිය ප්‍රදේශයෙන් එම ගංවතුර, සුළු ගංවතුර මට්ටම යම් අඩුවීමක් පෙන්නුම් කරනවා අද උදෑසන ලබා දීලා තියෙන වාර්තා අනුව. වාන් දොරටු විවෘත කිරීම් - පොල්පිටිය ජලාශය, පොල්ගොල්ල සහ කැනියොන් ජලාශවල වාන් දොරටු විවෘත කරලා තිබෙනවා. විශේෂයෙන්ම පහළ ප්‍රදේශවල ජනතාව දැනුවත් කිරීමේ කටයුතුත් දිගින් දිගටම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මගින් අඛණ්ඩවම සිදු කරනු ලැබුවා. වර්ෂාවේ අඩුවීමක් පෙන්නුම් කරනවා සමහර ස්ථානවල. කෙසේ වෙතත් තවදුරටත් වැසි අපේක්ෂා කරනවා. පස සංතෘප්ත වෙලා තියෙන්නේ. නායයෑම් ලක්ෂණ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවීම ඉතාමත් වැදගත් වෙනවා. පවතින තත්ත්වයේ යම් අඩුවීමක් අද දිනෙන් පසුව අපේක්ෂා කරන බව කාලගුණ වාර්තාවලට අනුව ඊයේ දිනයේදීත් අපිට වාර්තා කරලා තිබුණා. කෙසේ වෙතත් විශේෂයෙන්ම මෙම ගංගා ජලය සහ අනිකුත් වාන් දොරටු විවෘත කිරීමේදී එම ගලාබසින ජලය භාවිත කිරීමේදී දැඩි විමසිලිමත් වන්න. ධීවර ප්‍රජාවන් විමසිලිමත් වන්න, සහ එම ධීවර කටයුතුවලින් වැළකීම තවදුරටත් සිදු කළ යුතුයි ගාල්ල සිට පොතුවිල් දක්වා වන ප්‍රදේශවල. යම්කිසි ගැටලුවක් ඇත්නම් ආපදා කළමනාකරණ ත- සම්බන්ධව 117 දුරකථන අංකය හා සම්බන්ධ වීම ඉතාමත් වැදගත් වෙනවා.












