පන්දුවාර විස්ස ලෝක ශූර ඉන්දියාව පිට පිටම දෙවන තරගයේදීත් අයර්ලන්තය හමුවේ ලැජ්ජා සහගත පරාජයක් ලැබුවා. තරඟය පැවැත්වුණේ අයර්ලන්තයේ බෙල්ෆස්ට්හිදී. පළවෙනි පන්දුවට පහර දුන් අයර්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර විස්සේ දී කඩුලු අටක් දැවී ලකුණු 154 ලබා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව…

පන්දුවාර විස්ස ලෝක ශූර ඉන්දියාව පිට පිටම දෙවන තරගයේදීත් අයර්ලන්තය හමුවේ ලැජ්ජා සහගත පරාජයක් ලැබුවා. තරඟය පැවැත්වුණේ අයර්ලන්තයේ බෙල්ෆස්ට්හිදී. පළවෙනි පන්දුවට පහර දුන් අයර්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර විස්සේ දී කඩුලු අටක් දැවී ලකුණු 154 ලබා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාවට කඩුලු නවයක් දැවී රැස් කරගැනීමට හැකිවූයේ ලකුණු 153ක් පමණයි. මෙම පරාජයත් සමඟ ඉන්දියාව, අයර්ලන්තය හමුවේ තරගාවලියද 2ට 0ක් ලෙස පරාජය වුණා. ඉන්දියාව මෙලෙස තරගාවලියක් පරාජය වූයේ වසර තුනකට පසුව සහ තරගාවලි දහසයකට පසුව වීම විශේෂත්වයක්. මේ අතර පන්දුවාර 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගයකදී ඉන්දියාව, ඕස්ටේ්‍රලියාව හමුවේ පරාජයට පත් වුණා. මෙම පරාජයත් සමඟ ඉන්දියාව තරගාවලියෙන් ද ඉවත්වනවා. තරඟය පැවැත්වුණේ එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගනයේදීයි. පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර විස්සේදී කඩුලු හතරක් පමණක් දැවී ලකුණු 170ක් ලබා ගත්තා. කෙසේ වෙතත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕස්ටේ්‍රලියානු ක්‍රිඩිකාවන් පන්දුවාර 19දී කඩුලු 4ක් දැවී ලකුණු 172ක් ලබා ගනිමින් තරගය ජය ගත්තා. මෙම ජයග්‍රහණයක් සමඟ ඕස්ටේ්‍රලියාව ප්‍රසාද ලකුණු සටහනේ පළමු කාණ්ඩයේ පෙරමුණ ගැනීමට සමත් වූ අතර එහි දෙවන ස්ථානයේ පසු වන්නේ දකුණු අප්‍රිකාවයි. ඉන්දියාව තුන්වන ස්ථානය දක්වා පසුබැස්සා. අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නේ පළමු කණ්ඩායම් දෙකයි. ඒ අනුව දෙවන කාණ්ඩයෙන් ඕස්ටේ්‍රලියාව සහ දකුණු අප්‍රිකාව අවසන් පූර්ව වටයට පිවිසෙනවා. පළමු කාණ්ඩයෙන් අවසන් වටයට සුදුසුකම් ලබාගත්තේ එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමයි. ශ්‍රී ලංකාව පළමු කාණ්ඩයේ තුන්වන ස්ථානයට පත් වුණා.