බදු පොලු තිබ්බ මැත්පැන් සමාගම්වලට වැඩ වරදී Published July 20, 2026 1:00pm බදු ගෙවීම පැහැර හරිනු ලැබු මත්පැන් නිෂ්පාදන සමාගම්වලින් පැහැර හරිනු ලැබූ බදු අයකර ගැනීම සඳහා දිසා අධිකරණය හමුවේ නඩු පැවරීමට පියවර ගෙන ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද දැනුම් දුන්නා. ඒ, බදු ගෙවිම පැහැර…

බදු පොලු තිබ්බ මැත්පැන් සමාගම්වලට වැඩ වරදී

Published July 20, 2026 1:00pm

බදු ගෙවීම පැහැර හරිනු ලැබු මත්පැන් නිෂ්පාදන සමාගම්වලින් පැහැර හරිනු ලැබූ බදු අයකර ගැනීම සඳහා දිසා අධිකරණය හමුවේ නඩු පැවරීමට පියවර ගෙන ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද දැනුම් දුන්නා. ඒ, බදු ගෙවිම පැහැර හැර තිබෙන මත්පැන් නිෂ්පාදන සමාගම්වලින් එම බදු අයකර ගැනීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැදවනු ලැබූ අවස්ථාවේදීයි. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා මෙම දැනුම් දීම සිදු කළා.