බන්ධනාගාරවල මතුව ඇති ගැටළුව ගොඩනැගිලි ඉදිකිරීමෙන් පමණක් විසදිය නොහැකි බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර මහතා පවසනවා. බන්ධනාගාරවල පවතින තදබදය වර්තමාන රජය යටතේ මතුවූ ගැටළුවක් නොවන බවද අමාත්‍යවරයා කියා සිටියා. ''මේ බන්ධනාගාර තදබදය අද ඊයේ තියෙන එකක් නෙමෙයි.…
බන්ධනාගාරවල මතුව ඇති ගැටළුව ගොඩනැගිලි ඉදිකිරීමෙන් පමණක් විසදිය නොහැකි බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර මහතා පවසනවා. බන්ධනාගාරවල පවතින තදබදය වර්තමාන රජය යටතේ මතුවූ ගැටළුවක් නොවන බවද අමාත්‍යවරයා කියා සිටියා. ''මේ බන්ධනාගාර තදබදය අද ඊයේ තියෙන එකක් නෙමෙයි. මේක අවුරුදු 15 ක්, අඩුගානේ 20 ක් 25 ක් විතර පරණයි. අපි බලයට එනකොටත් 29,000 ක් විතර මේක ඇතුළේ හිටියා. එතකොටත් මේකෙ තියෙන්න පුළුවන් සත්‍ය සංඛ්‍යාව 10,000 යි. ඒ නිසා අපි පිළිගන්නවා මේකේ තත්ත්වය ඉතාම දුර්වල මට්ටමක තිබෙන බව. ඒ වගේම ඔබලා දන්නවා අපේ රජය කලින් රජයන් වගේ නෙමෙයි, ඉතා මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය අල්ලනවා. පුද්ගලයෝ අත්අඩංගුවට පත්වෙනවා. ඉතින් ඒක නිසා විශාල සංඛ්‍යාවක් වැඩිවෙලා තිබෙනවා. ඉතින් මේ වන විට අපි ව්‍යාපෘති කිහිපයක් යනවා, තියෙන ප්‍රිසන්ස් (Prisons) තුළ ස්පේස් (Space) වැඩි කිරීමේ ව්‍යාපෘතියක්. ඒ වගේම මිල්ලෑවේ අලුතෙන් හදන්න බලාපොරොත්තු වෙනවා. නමුත් මේ අත්අඩංගුවට ගන්න වේගෙන්ම බිල්ඩිං හදන්න බෑ. ඒ නිසා හැබැයි මේක බිල්ඩිං හදලා විතරක්ම බේරන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි මේ තියෙන්නේ. උදාහරණයක් වශයෙන් ගත්තොත් ඔය ඉන්න 40,000 න් 30,000 ක් විතර ඉන්නේ රිමාන්ඩ් රැඳවියෝ, වැරදිකරුවෝ නොවෙච්ච අය. ඊළඟට 20,000 ක් පමණ ඉන්නේ මත්ද්‍රව්‍ය. ඒකෙනුත් වැඩි හරියක් ඉන්නේ රසපරීක්ෂක වාර්තාව පරක්කු වීම මත. එතකොට ප්‍රශ්නය හිරගෙදර වුණාට, ප්‍රශ්නය ඇතිවෙන තැන වෙනයි. ඔන්න ඔය හේතුව හින්දා තමයි අප එනකොට පුරප්පාඩු 110 ක් තිබුණා රසපරීක්ෂක දෙපාර්තමේන්තුවේ. දැන් 50 කට අධික සංඛ්‍යාවක් බඳවගෙන, රාත්‍රී මුරයකුත් වැඩ යොදෝලා, අපි මාසෙට රසපරීක්ෂක වාර්තා 7,500 ත් 9,000 ත් අතර ප්‍රමාණයක් නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ වගේ වැඩ කිහිපයක් හරහා, ප්‍රජා විශෝධන ක්‍රියාවලිය හරහා, පුද්ගලයින් බන්ධනාගාරගත වෙන එක නවත්තලා තිබෙනවා. ගිය අවුරුද්දේ 16,000 ක් පමණ ප්‍රජා විශෝධන අපි දීලා තිබෙනවා. ඉතින් ඒක නිසා අපි නොයෙකුත් ක්‍රමවේදයන් පාවිච්චි කරනවා මේකෙ සිරකරුවන් අඩු කරන්න. මොකද බන්ධනාගාර හැදීමම විතරක්... හදන්න වේවි නැතුව නෙමෙයි, නමුත් ඒක මේ අපේ සාර්ථකත්වයේ ලකුණක් නෙමෙයි බන්ධනාගාර වැඩි කරගන්න එක. නමුත් අත්‍යවශ්‍ය ලෙස කරන්න ඕන ටික කරන්න ඕන.''












