නව බස් ගාස්තු සංශෝධනය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බලාත්මක වුණා. ජාතික ගමනාගමන කොමිෂන් සභාව පසුගියදා අවසර ලබා දුන්නේ කෙටි දුර සේවා ගාස්තු සියයට දොළහකින් සහ දිගු දුර සේවා ගාස්තු සියයට විස්සකින් වැඩි කිරීමටයි. ඒ අනුව රුපියල් තිහක් වූ අවම ගාස්තුව රුපියල් තිස් හතරක් දක්වා ඉහල යනවා. මෙතෙ…
නව බස් ගාස්තු සංශෝධනය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බලාත්මක වුණා. ජාතික ගමනාගමන කොමිෂන් සභාව පසුගියදා අවසර ලබා දුන්නේ කෙටි දුර සේවා ගාස්තු සියයට දොළහකින් සහ දිගු දුර සේවා ගාස්තු සියයට විස්සකින් වැඩි කිරීමටයි. ඒ අනුව රුපියල් තිහක් වූ අවම ගාස්තුව රුපියල් තිස් හතරක් දක්වා ඉහල යනවා. මෙතෙක් වැඩිම ගාස්තුව වූ රුපියල් දෙදහස් හාරසිය විසි දෙකක ගාස්තුව රුපියල් දෙදහස් නවසිය දෙකක් දක්වා ඉහළ යනු ඇති. කෙසේවෙතත් මෙතෙක් ගාස්තු සංශෝධනය කෙරුණු ක්‍රමයට වෙනස් අයුරකින් ගාස්තු සංශෝධන වර්ග දෙකක් ඉදිරිපත් කිරීම විකෘතියක් බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ.

