මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට අපරාජිත ස්පාඤ්ඤ කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. ඒ, බෙල්ජියම් කණ්ඩායම පරාජයට පත් කරමින්. ඒ අනුව ස්පාඤ්ඤය ගෝල දෙකට එකක් ලෙස තරගය ජයගත්තා. තරගය ලොස් ඇන්ජලීස් නුවරදී පැවැත්වුණා. තරගයේ 30 වැනි මිනිත්තුවේදී ෆෙබියන් ර…

මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට අපරාජිත ස්පාඤ්ඤ කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. ඒ, බෙල්ජියම් කණ්ඩායම පරාජයට පත් කරමින්. ඒ අනුව ස්පාඤ්ඤය ගෝල දෙකට එකක් ලෙස තරගය ජයගත්තා. තරගය ලොස් ඇන්ජලීස් නුවරදී පැවැත්වුණා. තරගයේ 30 වැනි මිනිත්තුවේදී ෆෙබියන් රු යිස් ස්පාඤ්ඤයට පළමු ගෝලය ලබා දුන්නා. 41 වැනි මිනිත්තුවේදී ගෝලයක් ලබා ගනිමින් තරගය සම කිරීමට බෙල්ජියම් කණ්ඩායම ද සමත් වුණා. කෙසේවෙතත් 88 වැනි මිනිත්තුවේදී ආදේශක ක්‍රීඩකයෙකු ලෙස පිටියට ආ මිකෙල් මෙරිනෝ ස්පාඤ්ඤය වෙනුවෙන් ජයග්‍රාහී ගෝලය ලබා ගනිමින් ඔවුන්ගේ අවසන් පූර්ව සිහිනය සැබෑ කළා.