නුවරඑළිය සංචාරක නිකේතනයකදී භෞත චිකිත්සකවරියක් ඝාතනය කිරිමේ සිද්ධියට අදාළව ආධාර අනුබල ලබාදීමේ චෝදනා යටතේ කුණ්ඩසාලේ පොලිස් විද්‍යාලයේ ස්ථානාධිපතිවරයා සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරුට සහ ඔහුගේ බිරිඳට සැඟව සිටීමට ආධාර අනුබල දීමේ චෝදනාව මත අදාළ පොලිස් ස…
නුවරඑළිය සංචාරක නිකේතනයකදී භෞත චිකිත්සකවරියක් ඝාතනය කිරිමේ සිද්ධියට අදාළව ආධාර අනුබල ලබාදීමේ චෝදනා යටතේ කුණ්ඩසාලේ පොලිස් විද්‍යාලයේ ස්ථානාධිපතිවරයා සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරුට සහ ඔහුගේ බිරිඳට සැඟව සිටීමට ආධාර අනුබල දීමේ චෝදනාව මත අදාළ පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ. මීට පෙර අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු, ඔහුගේ බිරිඳ සහ තවත් සැකකරුවෙකු පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය පොලීසියට අවසර ලබාදුන්නා. පසුගිය 17 වනදා තෙල්දෙනිය රෝහල ආසන්නයේ මෝටර් රථයක් තුළ තිබී එම භෞත චිකිත්සකවරියගේ මළ සිරුර සොයා ගනු ලැබුවා. The post භෞත චිකිත්සකවරිය ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුට ආධාර අනුබල දුන් පොලිස් ස්ථානාධිපතිවරයෙක් අත්අඩංගුවට appeared first on Neth News.

