නුවරඑළිය සංචාරක නිකේතනයකදී භෞත චිකිත්සකවරියක ඝාතනය කිරීම සහ ඝාතනයට අනුබල දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සහ සැකකාරිය ඊයේ (25දා) නුවරඑළිය පොලිසිය විසින් නුවරඑළිය මහෙස්ත්‍රාත් බුද්ධිකා හර්ෂණී ධර්මදාස මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරුවන් පැය 48ක් රඳවාගෙන…
නුවරඑළිය සංචාරක නිකේතනයකදී භෞත චිකිත්සකවරියක ඝාතනය කිරීම සහ ඝාතනයට අනුබල දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සහ සැකකාරිය ඊයේ (25දා) නුවරඑළිය පොලිසිය විසින් නුවරඑළිය මහෙස්ත්‍රාත් බුද්ධිකා හර්ෂණී ධර්මදාස මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරුවන් පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට නුවරඑළිය පොලිසිය කළ ඉල්ලීම මත මහෙස්ත්‍රාත්වරිය විසින් එම සැකකරුවන් පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට මහෙස්ත්‍රාත්වරිය අවසර දුන්නාය. මෙසේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දුන්නේ, නාරම්මල ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි ජයසුන්දර මුදියන්සේලාගේ චම්පික ශ්‍රියාන් ජයසුන්දර, සැකකරුගේ බිරිඳ බව කියන රත්නායක මුදියන්සේලාගේ නෙත්මි අමායා රත්නායක (35) සහ ඝාතනයට සහාය ලබා දුන් කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ රියැදුරු 49 හැවිරිදි ජයසිංහ ආරච්චිගේ රජිත සාලිය සමරසිංහ යන අයයි. ප්‍රධාන සැකකරු, සැකකරුගේ බිරිඳ සහ දරුවා වැල්ලවත්තේ සිට යාපනය දක්වා ධාවනය වූ බස් රථයේ ගමන් කරමින් සිටියදී වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් යාපනේ කයිතඩි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන නුවරඑළිය පොලිසිය වෙත 24දා භාර දී ඇත. ඝාතනයට සහාය දුන් කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ රියැදුරු නුවරඑළිය පොලිසියේ නිලධාරින් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. මෙම ඝාතනයට අනුබල දුන් ආරක්ෂක අංශ නිලධාරියකුද අත්අඩංගුවට ගැනීම සඳහා නුවරඑළිය පොලිසියේ කණ්ඩායමක් මෙහෙයුමක් ආරම්භ කර ඇත. නුවරඑළිය- නාලක රත්නායක

