ඕස්ටේ්‍රලියාවේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීීඩකයෙකු වන ඩේවිඩ් වෝනර්ට සිඩිනිහි අධිකරණයක් විසින් බීමතින් රිය පැදවීම සම්බන්ධයෙන් දඩ නියම කර තිබෙනවා. ඔහුට මෙලෙස නියම කර ඇති දඩය ඕස්ටේ්‍රලියානු ඩොලර් 1,500ක්. ශ්‍රී ලංකා මුදලින් එය රුපියල් තුන් ලක්ෂ පනස් දහසක් පමණ වනවා. මීට අමතරව ඔහුගේ ම…
ඕස්ටේ්‍රලියාවේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීීඩකයෙකු වන ඩේවිඩ් වෝනර්ට සිඩිනිහි අධිකරණයක් විසින් බීමතින් රිය පැදවීම සම්බන්ධයෙන් දඩ නියම කර තිබෙනවා. ඔහුට මෙලෙස නියම කර ඇති දඩය ඕස්ටේ්‍රලියානු ඩොලර් 1,500ක්. ශ්‍රී ලංකා මුදලින් එය රුපියල් තුන් ලක්ෂ පනස් දහසක් පමණ වනවා. මීට අමතරව ඔහුගේ මෝටර් රථයට මාස 12ක කාලයක් සඳහා ඉන්ටර්ලොක් උපාංගයක් සවි කිරීමටද අධිකරණය විසින් නියෝග කෙරුණා. මෝටර් රථයට ඉන්ටර්ලොක් උපාංගයක් සවිකිරීම මගින් බලාපොරොත්තු වන්නේ වරදකරු කෙරුණු ඩේවිඩ් වෝනර් ඉදිරි මාස 12 තුළ නැවත වරක් බීමත්ව රිය පැදවීම වැළැක්වීමයි. මෙම උපකරණය මෝටර් රථයේ උපකරණ පුවරුවේ සවිකරන අතර එසේ වූ විට මෝටර් රථය පණ ගැන්වීමට පෙර රියැදුරු හුස්ම සාම්පලයක් ලබා දිය යුතු වනවා. එවිට උපකරණය මගින් හුස්මෙහි ඇති මද්‍යසාර ප්‍රමාණය මනිනු ලබන අතර, මද්‍යසාර මට්ටම නියමිත සීමාව ඉක්මවා ගොස් ඇත්තේ නම් මෝටර් රථයේ එන්ජිම ක්‍රියාත්මක වන්නේ නැහැ. මේ අතර ඩේවිඩ් වෝනර් බීමත්ව රිය පැදවූ බව හඳුනාගෙන ඇත්තේ සිඩ්නි නගරයට ආසන්න ප්‍රදේශයක අහඹු ලෙස සිදු කරන ලද හුස්ම පරීක්ෂාවකදීයි. ඒ සමග ඔහු පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇති අතර ඔහුගේ රුධිරයේ මද්‍යසාර මට්ටම රිය පැදවීම තහනම් මට්ටමට දෙගුණයකටත් වඩා වැඩි බව පසුව හඳුනාගෙන තිබෙනවා. මේ පිළිබඳ කළ ප්‍රශ්න කිරීම් වලදී ඩේවිඩ් වෝනර් අධිකරණයේදී කියා සිටියේ රිය පැදවීමට පෙර සුදු පැහැති වයින් වීදුරු තුනක් පානය කළ බවයි. පාර අයිනේ හුස්ම ගැනීමේ පරීක්ෂණ ස්ථානයක් දැකීමෙන් පසු තමන් මෝටර් රථය නැවැත්වූ බවත්, මෝටර් රථයේ සිටි කාන්තාවක සමඟ ආසන මාරු කිරීමට උත්සාහ කළ බවත් ඔහු අධිකරණයේදී වැඩිදුරටත් පැවසුවා. ඩේවිඩ් වෝනර් මීට මාසයකට පමණ පෙරද බීමත්ව රිය පැද වූ බවට චෝදනා ලැබූවෙක්. එවරද ඔහු ඒ සම්බන්ධයෙන් වරද පිළිගත්තා. මේ වනවිට ඩේවිඩ් වෝනර් පසුවන්නේ 39 වන වියේයි. ඔහු ඔස්ටේ්‍රලියාව වෙනුවෙන් ටෙස්ට් ක්‍රිකට් තරග 112ක් සහ එක්දින තරග 250කට වැඩි ප්‍රමාණයක් ක්‍රීඩා කර තිබෙනවා. ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමෙන් පසු දැන් ඔහු ක්‍රිකට් විස්තර විචාරකයෙකු සහ ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධයි සිටින්නේ.









