හෝමාගම කොට්ඨාස විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා මීගොඩ පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, මීගොඩ 20 කණුව ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකට අදාළවයි. ඔහු පැද වූ මෝටර් රථය යතුරු පැදියක ගැටී එම අනතුරු සිදුව තිබෙනවා. එහිදී තුවාල ලැබූ යතුරු පැදියේ ගමන් ගත් පුද්ගලයන් දෙදෙනා හෝ…

හෝමාගම කොට්ඨාස විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා මීගොඩ පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, මීගොඩ 20 කණුව ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකට අදාළවයි. ඔහු පැද වූ මෝටර් රථය යතුරු පැදියක ගැටී එම අනතුරු සිදුව තිබෙනවා. එහිදී තුවාල ලැබූ යතුරු පැදියේ ගමන් ගත් පුද්ගලයන් දෙදෙනා හෝමාගම රෝහලට ඇතුළත් කළ බවයි පොලීසිය පැවසුවේ. අනතුර සිදුකළ සැකකාර හෝමාගම කොට්ඨාසය විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා එම අවස්ථාවේදී බීමත්ව සිටි බව පොලීසිය පැවසුවා. සිද්ධිය සම්බන්ධයෙන් මීගොඩ පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.