ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. එක්සත් ජනපදය සහ ඉරානය තවදුරටත් එල්ල කරන ප්‍රහාර හමුවේ ඉන්ධන සැපයුම්වලට බාධා ඇතිවිය හැකි බවට පවතින අවදානම බොරතෙල් මිල ඉහළ යාමට ප්‍රධාන හේතුවක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඒ අනුව, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩ…
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. එක්සත් ජනපදය සහ ඉරානය තවදුරටත් එල්ල කරන ප්‍රහාර හමුවේ ඉන්ධන සැපයුම්වලට බාධා ඇතිවිය හැකි බවට පවතින අවදානම බොරතෙල් මිල ඉහළ යාමට ප්‍රධාන හේතුවක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඒ අනුව, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 90.41ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එම බොරතෙල් බැරලයක මිල ඉහළ ගොස් ඇත්තේ , සියයට 2.62 කින්. මේ වන විට WTI බොරතෙල් බැරලයක මිල ද සියයට 2.39කින් ඉහළ ගොස් තිබෙනවා. එම බොරතෙල් බැරලයක නව මිල වන්නේ අමෙරිකානු ඩොලර් 84.46ක්. මර්බන් බොරතෙල් බැරලයක මිල සටහන්ව ඇත්තේ අමෙරිකානු ඩොලර් 81.32ක් ලෙසයි.

