ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල තවදුරටත් පහත වැටි තිබෙනවා. ඒ අනුව බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල අද පෙරවරුවේ වාර්තා වුණේ අමෙරිකානු ඩොලර් 70 යි දශම 8යි 1 ක් ලෙසයි. WTI බොර තෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 67 යි දශම 7යි 9 ක් ලෙස වාර්තා වු බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ. මේ අතර ලෝක වෙළද පොළ…

ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල තවදුරටත් පහත වැටි තිබෙනවා. ඒ අනුව බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල අද පෙරවරුවේ වාර්තා වුණේ අමෙරිකානු ඩොලර් 70 යි දශම 8යි 1 ක් ලෙසයි. WTI බොර තෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 67 යි දශම 7යි 9 ක් ලෙස වාර්තා වු බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ. මේ අතර ලෝක වෙළද පොළේ බොරතෙල් මිල පහත යාම හමුවේ පසුගිය 29 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ශ්‍රී ලංකාවේද ඉන්ධන මිල පහත දැමුණා. කෙසේවෙතත් එලෙස මිල අඩු කෙරුණේ , ඔක්ටේන් 92 පෙට්‍රල් සහ ලංකා සුදු ඩීසල් මිල පමණයි. ඒ යටතේ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් සහ ලංකා සුදු ඩීසල් ලීටරය මිල රුපියල් 25කින් පහත දැමුණා. ඒ අනුව පෙට්‍රල් ලීටරයක දැන් මිල රුපියල් 414ක් සහ ලංකා සුදු ඩීසල් ලීටරයක දැන් මිල රුපියල් 382ක් වනවා. කෙසේවෙතත් ජනතාව පැවසුවේ ලෝක වෙළදපොළේ බොරතෙල් මිල පහත යාම හමුවේ තවදුරටත් මෙරට ඉන්ධන මිල පහත දැමිය යුතුයි. ඊට ප්‍රතිචාර දක්වමින් ආණ්ඩුව කියාසිටියේ පැවති මිල ගණන්වලටත් වඩා ඉදිරියේදී ඉන්ධන මිල පහත දමන බවයි. කෙසේවෙතත් එය එක වර සිදුකර නොහැකි බවද එහිදී ප්‍රකාශ කෙරුණා.