බැද්ද අද්දර ඔබට තිළිණ කරපු බුද්ධික ලොකුකැටියගේ අලුත්ම වැඩේ තමයි ‘සෙවණැලි’. ගයනි පියදිගමගේ තිර රචනයකට, අනුර බණ්ඩාරගේ බරපැනින් පුංචි තිරයට සූදානම් කරන ‘සෙවණැලි’ ටෙලි නිර්මාණයේ මුහුරත පසුගිය දවසක බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේදී පැවැත්වුණා. චන්න පෙරේරා, විශ්වජිත් ගුණතිලක, පබෝදා සංදීපනී…

බැද්ද අද්දර ඔබට තිළිණ කරපු බුද්ධික ලොකුකැටියගේ අලුත්ම වැඩේ තමයි ‘සෙවණැලි’.

ගයනි පියදිගමගේ තිර රචනයකට, අනුර බණ්ඩාරගේ බරපැනින් පුංචි තිරයට සූදානම් කරන ‘සෙවණැලි’ ටෙලි නිර්මාණයේ මුහුරත පසුගිය දවසක බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේදී පැවැත්වුණා.

චන්න පෙරේරා, විශ්වජිත් ගුණතිලක, පබෝදා සංදීපනී, මාදනී මල්වත්තගේ, දසුනි සිනෙත්මා, අප්සරා ගුණතිලක, සරත් ඒකනායක, සමන්ත කුමාර, අසංග පෙරේරා, මේධා ජයරත්න, පවිත්‍රා වික්‍රමසිංහ, නිලන්ති ගුණවර්ධන, ඇන්ටන් කුරේ, ශිරාන් ද සිල්වා, ෂෙහාන් ලොකුකැටිය, අංජන ජයකොඩි, ලක්රුවන් ලොකුහපුආරච්චි, කමල් දිල්ෂාන් සහ පාලිත බී රත්නායක, ‘සෙවණැලි’ හැඩකරන්න රංගනයෙන් එක්වෙනවා.

‘සෙවණැලි’ කතා සංකල්පය චන්න පෙරේරාගේ වන අතර කලා අධ්‍යක්ෂණයට සුරාජ් ඉද්දමල්ගොඩ, ප්‍රියන්ත කැකුළුවලගේ සහ අයේෂා බෝධිනායක තම දායකත්වය ලබා දෙනවා. අංග රචනය ජී. උහන්ඕවිට සහ ඉෂාරා කුලසේකර විසින් සිදුකරන අතර සංගීතය රංජිත් ප්‍රේමවීර ගෙනි. සංස්කරණයෙන් නාමල් සමරතුංග එක්වන සෙවණැලි, සහය අධ්‍යක්ෂණයෙන් සහාය වන්නේ සම්පත් නිශාන්ත ප්‍රදීප් සාමසුන්දර. දෙවන සහය අධ්‍යක්ෂණය ප්‍රසාදී දීපාංජලි, නිෂ්පාදනය අනුර බණ්ඩාර, නිෂ්පාදන කළමනාකරු ප්‍රියන්ත සෙනෙවිරත්න, සහාය නිෂ්පාදන කළමනාකරු ජයන්ත බමුණුගම. බුද්ධික ලොකුකැටිය පුංචි තිරයට සූදානම් කරන ‘සෙවණැලි’ හි විශේෂ අවස්ථා කිහිපයක් ‘මීවිත’ කැමරා කාචයේ සටහන් වූයේ මෙලෙසිනි.

මහේෂ්