බුධ ඌෂ්ණ රෝග ද නියෝජනය කරයි. වරක් හමු වූ ජන්ම පත්‍රයක බුධ ග්‍රහයාගේ පිහිටීම අනුව මා ඔහුගෙන් විමසා සිටියේ ඔබට බඩ වේලීම, මලපහ කිරීමේදී අපහසුතා, අර්ශස් වැනි තත්ත්වයන් තිබිය යුතු බවයි. එවිට එම සේවා ලාභියා. ප්‍රකාශ කළේ එම තත්ත්වයන් ඔහුට ඇති වී ඇති බවයි. නිසි පිළියම් පිළිවෙත් හා ඖෂධ ම…

බුධ ඌෂ්ණ රෝග ද නියෝජනය කරයි. වරක් හමු වූ ජන්ම පත්‍රයක බුධ ග්‍රහයාගේ පිහිටීම අනුව මා ඔහුගෙන් විමසා සිටියේ ඔබට බඩ වේලීම, මලපහ කිරීමේදී අපහසුතා, අර්ශස් වැනි තත්ත්වයන් තිබිය යුතු බවයි. එවිට එම සේවා ලාභියා. ප්‍රකාශ කළේ එම තත්ත්වයන් ඔහුට ඇති වී ඇති බවයි. නිසි පිළියම් පිළිවෙත් හා ඖෂධ මගින් ඔහු සුවපත් විය. තවත් වතාවක ජන්ම පත්‍රයක් සහිතව මා හමුවට පැමිණි දෙමාපිය යුවළක් පවසා සිටියේ ඔවුන්ගේ කුඩා දරුවා කතාබහ කරන වයසට පැමිණ සිටියත් කතා බහ නොකරන බවයි. ජන්ම පත්‍රය අධ්‍යනයේදී කතාබහ කීරීම දරුවාගේ පමාවන බව හඳුනාගත් මා ඔවුන්ට ප්‍රකාශ කලේ දරුවා අනාගතේ කතා කිරීම ආරම්භ වන බවත් එය සිදුවන වයසත් එසේම කළ යුතු පිළිවෙත් කිහිපයක් හා අනවශ්‍ය ලෙස කලබල නොවන ලෙසත් දැනුවත් කළෙමි. අප දැන්වූ කාලය වන විට දරුවා කතා කිරීම ඇරඹුණ අතර වර්තමානය වන විට සාමාන්‍ය අයුරින් කතාබහ කරයි.

කේන්දර සටහනක් යනු පුද්ගලයෙකුගේ බාහිර හා අභ්‍යන්තර යන දෙඅංශයම විවරණය කළ හැකි විශේෂ ලියවිල්ලකි. ජන්ම පත්‍ර පරීක්ෂාවකදී අධ්‍යයනය කරන ග්‍රහයන් අතර බුධ ග්‍රහයාට විශේෂත්වයක් හිමිවන්නේ ඥානයට අධිපති ග්‍රහයා වන බැවිනි. මානවයා සතු විශේෂම කරුණක් නම් ඔහු සතු ඥානයයි. පුද්ගල ජීවිතයක බොහෝ සාධක තීරණය වන්නේ බුද්ධිය මත බැවින් ජන්ම පත්‍රයක බුධ යනු තීරණාත්මක ග්‍රහයකි. බුධ ග්‍රහයා බලවත්ව සිටීම යනු එම පුද්ගලයාගේ පෙර පින බලවත් වීමක් ලෙස ද හැඳින්විය හැකිය. බුධ ග්‍රහයා පිළිබඳ අධ්‍යනයේදී පුරාණ ජ්‍යොතිෂ පොත්පත් රැසක සඳහන්ව ඇති තොරතුරු පුද්ගලික ජන්ම පත්‍ර පරීක්ෂාවෙන් ලත් අත්දැකීම්වලින් ද සනාථ වී ඇති බව කිවයුතුය. ඔබේ පුද්ගලික කේන්දරවලදී බුධ ග්‍රහයා පිහිටා සිටින ස්ථානය එකිනෙකට වෙනස් වන බැවින් එහි ගැඹුරු පලාඵල ජ්‍යොතිෂඥයෙකුගෙන් වෙනම විමසා දැනගත යුතුය.

බුධ ග්‍රහයා බලවත් වීමෙන් යහපත් ප්‍රතිඵල සේම දුබලවීමේ දී බලපාන අසුබ ඵල ද බොහෝය. බලවත් වීමේ ප්‍රතිඵල ලෙස ඔබට තීක්ෂණ නුවණ, චතුර කථිකත්වය මෙන්ම ලේඛනයේද දක්ෂතා සහිත වීම, ඉගෙනීම මෙන්ම ඉගැන්වීමේද නිපුනයෙකු වීම, නොයෙක් භාෂා පිළිබඳ විශාරදයන් වීම, දියුණු පොත්පත් වෙළෙන්දන් වීම, නීතිඥ වෘත්තිය, සමාජයේ ඉහළ යැයි සම්මත බොහෝ රැකියා සේම විවිධ දියුණුවිය හැකි වෙළඳ ක්ෂේත්‍රයන්ද, ආකර්ෂණීය පෙනුම, කැපී පෙනෙන දේශපාලඥයන් වීමද ඕනෑම පිරිසක් අතර ගෞරවයට පාත්‍ර වන අයෙක් වීම වැනි කරුණු රැසක්ම විග්‍රහ කළ හැකිය.

බුධ ඌෂ්ණ රෝග ද නියෝජනය කරයි. වරක් හමු වූ ජන්ම පත්‍රයක බුධ ග්‍රහයාගේ පිහිටීම අනුව මා ඔහුගෙන් විමසා සිටියේ ඔබට බඩ වේලීම, මලපහ කිරීමේදී අපහසුතා, අර්ශස් වැනි තත්ත්වයන් තිබිය යුතු බවයි. එවිට එම සේවා ලාභියා. ප්‍රකාශ කළේ එම තත්ත්වයන් ඔහුට ඇති වී ඇති බවයි. නිසි පිළියම් පිළිවෙත් හා ඖෂධ මගින් ඔහු සුවපත් විය. තවත් වතාවක ජන්ම පත්‍රයක් සහිතව මා හමුවට පැමිණි දෙමාපිය යුවළක් පවසා සිටියේ ඔවුන්ගේ කුඩා දරුවා කතාබහ කරන වයසට පැමිණ සිටියත් කතා බහ නොකරන බවයි. ජන්ම පත්‍රය අධ්‍යනයේදී කතාබහ කීරීම දරුවාගේ පමාවන බව හඳුනාගත් මා ඔවුන්ට ප්‍රකාශ කලේ දරුවා අනාගතේ කතා කිරීම ආරම්භ වන බවත් එය සිදුවන වයසත් එසේම කළ යුතු පිළිවෙත් කිහිපයක් හා අනවශ්‍ය ලෙස කලබල නොවන ලෙසත් දැනුවත් කළෙමි. අප දැන්වූ කාලය වන විට දරුවා කතා කිරීම ඇරඹුණ අතර වර්තමානය වන විට සාමාන්‍ය අයුරින් කතාබහ කරයි. එය දැක්වූයේ බුධ ග්‍රහයා දුබලව පවතින විට පුද්ගලයන්ට කථනය පමාවීම, උන්මත්තක බව, ගොළු හෝ ගොත ගැසීම, කන් ඇසීමේ දුර්වලතා, කල් පවතින හිසරදය ආදිය වැලඳීම වැනි ලක්ෂණ රැසක් විස්තර වන නිසාවෙනි.

අන්‍යයන්ගේ අප්‍රසාදයට ලක්වන වාචාල බව, බොරු කීම, වාත, පිත්, සෙම් යන තුන්දොස් කිපීම, විවාහ ජීවිතයේ ගැටලු ආදී කරුණු රැසක් ද සිදුවන බව විවිධ ජන්ම පත්‍ර පරීක්ෂාව ඇසුරෙන් ප්‍රත්‍යක්ෂ වී තිබේ. නිතර චිත්ත පීඩා, ලිංගික දුර්වලතා, සමේ කසන රෝග, නිතර කෙල ගැසීම, වියළි කැස්ස ආදිය ද බුධ නියෝජනය වන්නා වූ තවත් ගැටලු කිහිපයකි. ඉහත අන්දමින් බුධ ග්‍රහයා පිළිබඳව විවිධ අංශවලින් පුද්ගල ජීවිතයක් තුළ සාකච්ඡා කළ හැකි කරුණු රාශියකි. ඔබ ගෙවමින් යන මහ දශා අතුරු දශාවලදී ද තත්ත්වය වෙනස් වේ.

මෙම ලිපියේ අප සාකච්ඡා කර ඇත්තේ බුධ ග්‍රහයා පිළිබඳව පොදුවේ කිව හැකි කෙටි පලාඵල කරුණු කිහිපයකි. පෘථුල විග්‍රහයක් සඳහා පුද්ගලික කේන්දර පරීක්ෂාවකට යොමු විය යුතුය. සමාජයේ ජීවත්වන සෑම අයෙකුටම ජ්‍යොතිෂයේ මග පෙන්වීම ලබාගත හැකිය. යම්

ගැටලුවකදී වංචාකරුවන්ට හසුවී මිල මුදල් නිකරුණේ නාස්ති කර නොගෙන දැනුම හා අත්දැකීම් සහිත ජ්‍යොතිර්වේදියෙකු හමුවී නිසි පිළියම් පිළිවෙත් සඳහා උපදෙස් ලබාගැනීම යහපත් බව අවසන කිව යුතුය.

දියතලාව, සුධර්මාලංකාර විද්‍යායතනයේ ආචාර්ය,ජ්‍යොතිෂවේදී, ශාස්ත්‍රපතිපූජ්‍ය කැකුඑවෙල විපුලසාර හිමි071 29 24 353