අල්ලස් සිදුවීමක් සම්බන්ධව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ සමගි ජන බලවේග හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට සමගි ජන බලවේගය පියවර ගෙන තිබේ. එමෙන්ම ඒ මහතා මෙතෙක් දැරූ සියලු තනතුරු වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ද පක්ෂය තීරණය කර ඇත. නිවේද…
අල්ලස් සිදුවීමක් සම්බන්ධව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ සමගි ජන බලවේග හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට සමගි ජන බලවේගය පියවර ගෙන තිබේ.
එමෙන්ම ඒ මහතා මෙතෙක් දැරූ සියලු තනතුරු වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ද පක්ෂය තීරණය කර ඇත.
නිවේදනයක් නිකුත් කරමින් සමගි ජන බලවේග මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කර ඇත්තේ 2023 වසර වන විට ඔහු පක්ෂයේ සාමාජිකයකු ලෙස හෝ සංවිධායකවරයකු ලෙස හෝ කටයුතු කර නොමැති බවය. චරිත් අබේසිංහ මහතා එවකට සමගි ජන බලවේගයේ කිසිදු තනතුරක් ද නොදැරූ අයකු බව ද එහි සඳහන්ය.
කෙසේ නමුත් සමගි ජන බලවේගය කිසිදු විටෙක දූෂණයන්ට හෝ නීති විරෝධී කටයුතුවලට සම්බන්ධ පුද්ගලයින්ට අදාළව නීතිය ක්‍රියාත්මක කිරීමට සහ අධීකරණමය ක්‍රියාමාර්ග ගැනීමට විරුද්ධ නොවන බව අවධාරණය කරන බව ද මහලේකම්වරයා අදාළ නිවේදනය මගින් වැඩිදුරටත් සඳහන් කර ඇත.
අකිත පෙරේරා

