සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි වසර පහක් තුළ කරන මැතිවරණ 4ට ලක්‍ෂ දහඅටදහසක් එක මැතිවරණයකදී ඡන්දදායකයන්ගේ ඇඟිලි සලකුණු කිරීම සඳහා ජාතික මැතිවරණ කොමිසමට තීන්තවලට පමණක් රුපියල් ලක්ෂ දහසක් පමණ මුදලක් වැයවන බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජ…
සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි
වසර පහක් තුළ කරන මැතිවරණ 4ට ලක්‍ෂ දහඅටදහසක්
එක මැතිවරණයකදී ඡන්දදායකයන්ගේ ඇඟිලි සලකුණු කිරීම සඳහා ජාතික මැතිවරණ කොමිසමට තීන්තවලට පමණක් රුපියල් ලක්ෂ දහසක් පමණ මුදලක් වැයවන බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.
ඒ අනුව වසර පහකදී පවත්වනු ලබන මැතිවරණ හතරක් සඳහා තීන්තවලට, ඒවා ගැල්වීමට නිලධාරියකු බැගින් යෙදවීමට, රහස්‍ය ආකාරයට ඡන්ද මධ්‍යස්ථාන වලට එම තීන්ත ප්‍රවාහනය කිරීම ඇතුළු කටයුතු සඳහා වැයවන මුළු මුදල රුපියල් ලක්ෂ දහඅට දහසක් පමණ වන බවත් ඒ මහතා කීවේය.
දැන් එවැන්නක් සඳහා මුදල් වැයකිරීම විශාල අපරාධයක් බවත්, එවැනි මුදලක් වැය කිරීම අනවශ්‍ය බවත් රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය. ශ්‍රී ලංකාවේ ජාතික සංහිඳියා ක්‍රියාවලිය ශක්තිමත් කිරීම පිළිබඳ සිවිල් සංවිධාන කතිකාවත යන මැයෙන් අනුරාධපුර දිස්ත්‍රික් කමිටුව මගින් අනුරාධපුර නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පෙරේදා (25) පැවැති සම්මන්ත්‍රණයකට සහභාගී වෙමින් නිදහස් සහ සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා මේ බව පැවසීය. මෙරට සිවිල් සංවිධාන මගින් කළ ඉල්ලීමේ ප්‍රතිඵලයක් ලෙස පැවති ආණ්ඩු මගින් 2010 වර්ෂයෙන් පසු හොර ඡන්ද දැමීම වැළැක්වීම සඳහා සියලු ඡන්දදායකයන්ගේ නාමලේඛන පරිගණක ජාල ගතකිරීමට ජාතික මැතිවරණ කොමිසමට පහසුකම් සැලසීම නිසා එක් පුද්ගලයකුට ස්ථාන එකක හෝ ස්ථාන කීපයක ඡන්දය ලියාපදිංචි කිරීමට නොහැකි වී ඇති බවත් එම වැඩපිළිවෙලෙහි සාර්ථකත්වය මත හොර ඡන්ද දැමීම වැළකී ඇති බවත් හෙතෙම කීය. මෙහිදී කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි සහ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක සහ අනුරාධපුර දිස්ත්‍රික් පුරවැසි කමිටුවේ සම්බන්ධීකාරක සමාජ ක්‍රියාකාරී නිමල් දිසානායක යන මහත්වරුද අදහස් දැක්වූහ.
අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු සහ නොච්චියාගම – එම්. ජී. පී. පෙරේරා

