පසුගිය කාලසීමාව තුළදී චෝදනා එල්ල වී විදෙස්ගතව සිටින දේශපාලකයින් රාජ්‍ය නිලධාරීන් මෙරටට රැගෙන ඒමට ආරක්ෂක අංශ මේ වන විටත් කටයුතු කරමින් සිටින බවට වාර්තා වෙනවා. අධිකරණය මගහරිමින් සිටින සහ දේශපාලන වශයෙන් විවිධ චෝදනා එල්ල වී විදෙස් ගතව සිටින පුද්ගලයින් ඉදිරි කාලයේදී මෙරටට රැගෙන ඒමට ජ…
පසුගිය කාලසීමාව තුළදී චෝදනා එල්ල වී විදෙස්ගතව සිටින දේශපාලකයින් රාජ්‍ය නිලධාරීන් මෙරටට රැගෙන ඒමට ආරක්ෂක අංශ මේ වන විටත් කටයුතු කරමින් සිටින බවට වාර්තා වෙනවා. අධිකරණය මගහරිමින් සිටින සහ දේශපාලන වශයෙන් විවිධ චෝදනා එල්ල වී විදෙස් ගතව සිටින පුද්ගලයින් ඉදිරි කාලයේදී මෙරටට රැගෙන ඒමට ජාත්‍යන්තර වශයෙන් මේ වන විටත් සාකච්ඡා පවත්වමින් සිටින බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ. මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් ප්‍රශ්න කළා. එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ තරාතිරම් නොබලා චෝදනා එල්ල වී ඇති සියලු පුද්ගලයින් මෙරටට රැගෙන ඒමට වර්තමාන රජය ආරක්ෂක අංශවලට සම්පූර්ණ සහයෝගය ලබාදෙන බවයි

