ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් අමරසිංහ මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ වැඩ බලන අධ්‍යක්‍ෂවරයා ලෙස පත් කර ඇත. බණ්ඩාරවෙල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා මෙන්ම ත්‍රස්ත විමර්ශන අංශයේ අධ්‍යක්‍ෂවරයා ලෙස රාජකාරි කර ඇති අමරසිංහ මහතා, පොලිස් ස්ථානාධිපති ඇතුළු විවිධ තනතුරු දරමි…

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් අමරසිංහ මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ වැඩ බලන අධ්‍යක්‍ෂවරයා ලෙස පත් කර ඇත.

බණ්ඩාරවෙල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා මෙන්ම ත්‍රස්ත විමර්ශන අංශයේ අධ්‍යක්‍ෂවරයා ලෙස රාජකාරි කර ඇති අමරසිංහ මහතා, පොලිස් ස්ථානාධිපති ඇතුළු විවිධ තනතුරු දරමින් රටේ විවිධ ප්‍රදේශවල රාජකාරි කළ දක්‍ෂ නිලධාරියෙකි.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයා ලෙස රාජකාරි කරමින් සිටි, ශානි අබේසේකර මහතා නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් වීම් ලැබීමෙන් පසු පුරප්පාඩු වූ එම තනතුර සඳහා අමරසිංහ මහතා මෙසේ පත් කර ඇත.

පොලිස්පතිවරයාගේ ඉල්ලීමකට අනුව ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි මෙම පත් කිරීම සිදු කර තිබේ.හේමන්ත රන්දුණු