හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ජුලි 13 වනදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ, මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගයකට අනුවයි. 2008 වසරේදී නැගෙනහිර පළාතේ ප්‍රදේශ කිහිපයක සිදුවූ බව කියන ඝාතන පහක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අද…

හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ජුලි 13 වනදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ, මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගයකට අනුවයි. 2008 වසරේදී නැගෙනහිර පළාතේ ප්‍රදේශ කිහිපයක සිදුවූ බව කියන ඝාතන පහක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව පිල්ලෙයාන් අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගත කර තිබුණා. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් මඩකලපුව අධිකරණය වෙත කරුණු වාර්තා කළා. ඒ අනුව අදාළ නඩුව කැඳවන මීළඟ අවස්ථාවේදී හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මඩකලපුව අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට බන්ධනාගාර නිලධාරීන් වෙත මීට නියෝග කෙරුණා. ඒ අනුව දැඩි රැකවල් මැද බන්ධනාගාර නිලධාරීන් විසින් පිල්ලෙයාන් මඩකලපුව අධිකරණය වෙත අද දිනයේ ඉදිරිපත් කළ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.