නේපාල පාසලක විදුහල්පතිවරයකු වන රාජේන්ද්‍ර ඩාබි වීරයකු වී තිබේ. ඒ ඔහු තම පාසලේ දරුවන් 1,643 දෙනකුගේ දිවි ගලවා ගත් නිසාය. පසුගිය සතියේ බදාදා ගඟට ඉහළින් පිහිටි ගමක් ගඟේ ගසාගෙන ගොස් ඇති බවට ඔහුට අනතුරු ඇඟවීමක් ලැබුණි. ඔහු වහාම පාසල් සීනුව නාද කර දරුවන් සහ ගුරුවරුන් උස් බිම්වලට රැගෙන…
නේපාල පාසලක විදුහල්පතිවරයකු වන රාජේන්ද්‍ර ඩාබි වීරයකු වී තිබේ. ඒ ඔහු තම පාසලේ දරුවන් 1,643 දෙනකුගේ දිවි ගලවා ගත් නිසාය.
පසුගිය සතියේ බදාදා ගඟට ඉහළින් පිහිටි ගමක් ගඟේ ගසාගෙන ගොස් ඇති බවට ඔහුට අනතුරු ඇඟවීමක් ලැබුණි. ඔහු වහාම පාසල් සීනුව නාද කර දරුවන් සහ ගුරුවරුන් උස් බිම්වලට රැගෙන ගියේය.
පාසල් බස් රථ පාසලට එන අතරමගදී ඔහු රියැදුරන්ට කතා කර “මෙහි එන්න එපා! ආපසු යන්න” යනුවෙන් පවසා තිබිණි. එක් පාසල් බස් රථයක් පාලම අසලට ළඟා වන බව දුටු රාජේන්ද්‍ර ඩාබි රියැදුරුට ආපසු හැරෙන ලෙස පැවසීය. පාලම කඩා වැටීමට මොහොතකට පෙර බස් රථය ආරක්ෂිත ස්ථානයකට ළඟා විය. ගංවතුර පාසලට කඩාවැදී මුළු තෙමහල් පාසලම ගසාගෙන ගියේය. කිසිදු හෝඩුවාවක්වත් ඉතිරි නොවී එය සම්පූර්ණයෙන්ම අතුරුදන් විය. නමුත් දරුවෝ 1,643 දෙනාම දිවි ගලවා ගත්හ. වැදගත්ම අවස්ථාවේදී වීරයකු බවට පත් වූ 47 හැවිරිදි රාජේන්ද්‍රගේ ඉක්මන් චින්තනය ජීවිත 1,643 ක් බේරා ගත්තේය.චතුර පමුණුව

