මදුරු දෂ්ඨනයෙන් ආරක්ෂා වීම සඳහා පෙර පාසල් දරුවන්ද අත්පා ආවරණය වන පරිදි සුදුසු ඇඳුමකින් සරසවා පෙරපාසල් සඳහා යොමු කරන ලෙස දෙමව්පියන්ට දැනුම් දෙන බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මිය පවසනවා. පාසල් දරුවන්ට මදුරු දෂ්ඨනයෙන් ආරක්ෂා වීම සඳහා අත්පා ආවරණය වන පරිදි සුදුසු…
මදුරු දෂ්ඨනයෙන් ආරක්ෂා වීම සඳහා පෙර පාසල් දරුවන්ද අත්පා ආවරණය වන පරිදි සුදුසු ඇඳුමකින් සරසවා පෙරපාසල් සඳහා යොමු කරන ලෙස දෙමව්පියන්ට දැනුම් දෙන බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මිය පවසනවා. පාසල් දරුවන්ට මදුරු දෂ්ඨනයෙන් ආරක්ෂා වීම සඳහා අත්පා ආවරණය වන පරිදි සුදුසු ඇඳුමකින් සැරසී පාසල් පැමිණීමට අවසර ලබා දෙන ලෙසට අධ්‍යාපන අමාත්‍යාංශය ඊයේ දිනයේ විදුහල්පතිවරුන්ට දැනුම් දුන්නා. ඒ පාසල් ළමුන් අතර පැතිර යන ඩෙංගු ව්‍යාප්තිය අවම කිරීමේ අරමුණින්. ඒ අනුව අත්පා ආවරණය වන පරිදි සුදුසු ඇඳුමකින් සැරසී පාසල් පැමිණීමේ හැකියාව පාසල් සිසුන්ට හිමි වනවා. මේ අතර වසරේ ගතවූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 68,672ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් 47 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පැවසුවේ.

